(රංජන් කස්තුරි)
රටපුරා ක්‍රියාත්මක ප්‍රජා වෛද්‍ය ජාලය අකර්මන්‍ය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ප්‍රජා වෛද්‍ය විශේෂඥයන් 100ක් පමණ සිටින අතර විශේෂඥයන් වීමට පෙර තත්ත්වයේ වෛද්‍යවරුන් (ලේඛකාධිකාරිවරුන්) තවත් 200ක් පමණ ඇතත් ඔවුන් සියලු දෙනාම කොළඹ වී සිටීමට දැඩි කැමැත්තක් දැක්වීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
රටපුරා දිස්ත්‍රික්ක 15ක පමණ ප්‍රජා වෛද්‍ය විශේෂඥයන්ගේ තනතුරු හිස්ව තිබෙන අතර එම නිසා ප්‍රජා වෛද්‍ය ජලාය අකර්මණ්‍ය වී තිබෙන බව ද එම ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ හැම දෙයක්ම දැන් අකර්මණ්‍යයි, මිනිස්සු අනාථයි . අපේ රටට ගිය කලක් . හරිම දුකයි .
මහජන මුදලින් මිලියන ගණනක් වියදම් කර ඉගෙන ගෙන සමහරුන්ගේ සැප ගැනීමේ කලාව. මේ විදියටම තමයි දුෂ්කර පළාත් වලට මුල් පත්වීම් ලබන්නේ පළපුරුද්ද ගන්න. අහිංසකයන් පාවිච්චි කරලා තමන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක හදා ගන්න. හැමෝම නෙවෙයි. බොහොමයක්...
මහජන මුදලින් තමයි නිදහස් අධ්‍යාපනය ලබන හැමෝටම වියදම් කරන්නේ. උනන්දුවෙන් ඉගෙන ගන්නා සහ ඉගෙනිමට සහජ දක්ෂතාවයක් ඇති අය හොදට ඉගෙන ගෙන හොද රැකියාවල් ලබාගන්නවා. ඉගෙනගනන් කිසිම උනන්දුවක් නැති හෝ වෙනත් ප්‍රශ්ණ ඇති අය හරියට ඉගෙන ගන්නෙ නැහැ. මහජන මුදල් අපරාදේ නාස්ති කරනවා. මහජන මුදල් නාස්තිය පටන් ගන්නේ එතනින්.... ඒක හරියට ප්‍රයෝජනයට ගෙන ඉගෙන ගත්තු එකත් ලොකු දෙයක්... අර වගේ අය ගැන හිතන කොට.... නමුත් මෙතන ඉගෙනගත් වෛද්‍යවරුන් කොළඹ විතරක් සේවය කරන්න කැමති එක නම් සාධාරණීකරණය කරන්නේ නැහැ. නමුත් මහජන මුදලින් ඉගෙනගෙන මෙහෙම කරනවා කියන එකට නම් එකඟ නැහැ..
ආයුර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරීන් සිටී. ඔවුන් මේ සඳහා වහාම පුහුණු කළ හැකියි...
ආණ්ඩුවත් එක්ක අකර්මණ්‍ය බවක් තමයි පේන්නේ...