
(සුජිත් හේවාජුලිගේ )
මෙරටට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් හයසීයක (600) බදු වැඩි කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ එම සුඛෝපභෝගී භාණ්ඩ පිළිබඳ සම්පූර්ණ ලේඛනයක්ඉදිරිපත් කරමිනි.
රටේ මූල්‍යමය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇති බව එහි ආරංචිමාර්ගවලින් පැවසේ.
මේ අනුව එම භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීම සඳහා ඒවා මත පනවනු ලැබ ඇති බදු යම් පමණකින් හෝ වැඩිකිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි දැනගන්නට ඇත.
අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් තිබේදැයි ශ්‍රී ලංකා මහ බැංකුව මේ දිනවල කරුණු අධ්‍යයනය කර ගෙන යන බව වාර්තා වේ.
මේ අතර තෝරාගත් අත්‍යාවශ්‍ය නොවන හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීමට ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය කාලයේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමාන මහබැංකුවේ අධිපති බදු වැඩිකොට ආදායම් ලබාදෙන්න දක්වන්නේ පුදුම දක්ෂතාවක්. ඒත්, රටකට මෙවැනි තනතුරක් දරන්නෙකුගෙන් සිදුවිය යුත්තේ, රටේ ජනතාව බදුබරින් හා පීඩනයෙන් මිරිකා මුදල් ඉපැයීම නොවේ. සුදුසු ආදායම් මාර්ග උත්පාදනය කොට රටට ජනතාවට සේවයක් කොට රජයට සාධාරණ මුදලක් ඒ තුළින් උපයා ගැනීමයි. ඒත්, වර්තමාන සභාපති උන්නාන්සේට හැකි වන්නේ බදුබර වැඩිකිරීම පමණයි. නිල්, කොළ, රතු ආදී සියලු දේශපාලන අංශ බලයට ඒමට කටයුතු කරනවා විනා රටේ ජනතාවගේ ප්‍රශ්න හා දුක සැබෑ වුවමනාවකින් රජය හා සාකච්ඡා කරනා බවක් නොපෙනේ. රජයේ කුමන වරදක් හෝ අඩුපාඩුවක් අල්ලාගෙන තම අරමුණු ඉටුකර ගැනීමට වෙර වැඩීම ඔවුන්ගේ සිරිතයි. එහෙත්, සිදුවිය යුත්තේ අවංකවම රටේ ජනතාවගේ ගැටළුවලට විසඳුම් සෙවීමට කටයුතු කිරීමයි. එවන් දේශපාලනඥයින් අන් රටවල සිටියද මේ රටේ එවැන්නන් විරලයි...
රටට අවශ්‍ය දේවල් හැකිතරම් රටේම නිෂ්පාදනය කරගන්න උත්සාහ කිරීම තමයි බොහෝ වැදගත්...!
සුඛෝපභෝගී භාණ්ඩ අපි නෙවෙයි පාවිච්චි කළේ.. ඔබතුමන්ලාගේ පැලැන්තියේ අයයි.
පොහොර නැතුව වී අස්වැන්න අඩුවුණොත් හාල් කියන්නේ සැප භාණ්ඩයක් වේවි... ඒකට මොකද කරන්නේ? බදුගහලා මිනිස්සු කුසගින්නේ තියනවාද? (එහෙම නැතත් කිලෝවක් රුපියල් දහසක් ඉක්මවා යන හාල් වර්ගත් රටට ගේනවා නේද? ඒවා සැප භාණ්ඩවලට අයත් නැද්ද?
69 ලක්ෂය ඉල්ලලා අතීසාරෙ හදා ගත්තනේ... දැන් ඉතින් අතීසාරෙට අමුඩෙ ගැසීම තමයි ජාතික ක්‍රීඩාව...
රට කර මුලට ණය වෙලා තිබුණත් V8 වාහන පදින්නේ මෙතුමාගේ පැලැන්තියේ උදවියනේ... ඔය කියන සැප භාණ්ඩ සාමාන්‍ය මිනිස්සු කොහොමත් පාව්ච්චි කරන්නේ නැහැ...!
ටයි එකයි, කෝට් එකයි දෙකම එංගලන්තයේ... රටේ මීහරක් ඉන්නකන් හොඳයි...
දුප්පතාගේ පරිප්පු ඇටේ ඉඳලා බදු ගහලා කරන්න තියෙන හොරකම් ඔක්කොම කරලා මේ රට විනාශ කරන එවුන් කුණු වෙලා තමයි මැරෙන්නේ... කවදා හරි මේ රටේ දුප්පතුන්ගේ සාපය නුඹලාට වදිනවාම තමයි..?
මොනවද මේ අත්‍යාවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් හයසීය (600)?
ආර්ථික විද්‍යාව ගැන මෙලෝ හසරක් දන්නේ නැති කෙනෙක් මෙයා.
අත්‍යාවශ්‍ය නොවන කියලා දෙයක් නැහැ.. අත්‍යාවශ්‍ය නිසයි මිනිස්සු සල්ලි දීලා ගන්නේ.. නමුත් විදේශ පලතුරු, සතුන්ගේ කෑම, විසිතුරු භාණ්ඩ වගේ දේවල් පාලනයක් කෙටිකලකට කිරීම සුදුසුයි.
මේ කාලකණ්ණි ආණ්ඩුව ලංකාව බංකොළොත් කරලා ඉවරයි. දැන් රට කන විරුවා ළඟදීම යයි..