(චන්ද්‍රසේන ගමගේ)
වරාය නගරය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ යම් සංවාදයක් ඇතිව තිබෙනවා යැයි පරිසර ආමත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡාවක් සිදු කර නෑ. මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදි සාකච්ඡා කරනවා.එහිදී රටට හිතකර තීන්දුවක් පක්ෂය විධියට ගන්නවා
දැන් විපක්ෂය කියනවා කොළඹ වරාය නගරය තුළ වෙනම පොලීසියක් ඇති වෙනවා. වෙනම හමුදාවක් බිහි වෙනවා. වෙනම නීතියක් බිහිවෙනවා කියා එවැනි තත්වයක් රට තුළ ඇති වෙන්න ශ්‍රීලනිප ය ඉඩ තබන්නේ නෑ.
කෙසේ වෙතත් අපි හිතන්නේ නෑ ජනාධිපති තුමා එවැනි තත්ත්වයකට පත් වෙයි කියා. ජනාධිපතිට හා අගමැතිට අවශ්‍ය වී තිබෙන්නේ මේ රට දියුණු කරන්නයි. ඉන් පිට පැන රට තුළ පාලනයක් ගෙනියන්න ඔවුන් කටයුතු කරන්නේ නැතැයි අප තුළ විශ්වාසයක් තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කවුරු ආවත් රටට සෙතක් කරන්නේ නැහැයි කියල අපිට දැන් තේරෙනවා .හැමෝම තමන් බඩ වඩා ගන්නවා කියන එක නං දැන් හොඳටම පැහැදිලියි .
මෙච්චර කල් ගත්තු තීරණත් සාධාරණයි
මෙයාගෙත් කට විතරයි වැඩ නැහැ. යහපාලනේ ඉන්නකොටත් කිව්වේ ඔහොමම තමයි.
මේ උන්නැහේලා දේශපාලන ජීවිතය පුරාවටම ගෙනගිය ක්‍රියා පටිපාටි ගැන කල්පනා කරනකොට ඔය කියපු "රටට හිතකර" කියන වචන දෙක " බඩට හිතකර" කියලා වෙනස් වුණානම් කතාව ඇත්තක් කියලා පිළිගන්න පුළුවන්...
මේ දිනවල වරාය නගරයේ පවතින නීතිය ලංකාවේ නීතිය නොවන බවට නොයෙක් පාර්ශව තර්ක කළත්, ඒ අය පිටින් විනිශ්චකාර්යන් ලංකාවට ගෙන අධිකරණ ඇති කිරීමට ඉහළින්ම සහයෝගය දුන් අය වීමත්, එම ක්‍රියාවලිය දැන් මුණිවත රැකගෙන සිටි අය දැන් කට අඹරවමින් වරාය නගරයේ නීති වලට විරෝධය පෑම විහිළුවක්!
හැම පැත්තෙන්ම පන්න පන්න හැමදේම ගන්නේ පොකට් එකට හිතකර තීන්දු මිස රටට හිතකර තීන්දු නොවේ.