IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


‘රට මුදා ගන්න සියලු දේශපාලන නායකයින් ප්‍රතිපත්තිමය එකඟතාවකට එන්න‘

(නිමල කොඩිතුවක්කු)

මතුව ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදා ගැනීමට සියළුම දේශපාලන නායකයින් ප්‍රතිපත්තිමය එකඟත්වයට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.

ලෝකයේ විනාශ වූ රටවල් ශක්තිමත් රාජ්‍යයන් බවට පත්වූයේ ඒ ඇතිකරගත් එකගත්වය හා සමගිය තුළින් බැවින් මිත්‍රත්වයේ හස්තය සියලුම පුරවැසියන්ට දිගු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ජයසූරිය මහතා සඳහන් කළේය.

ජාතික ආගමික හා ජාතික සංහිඳියාව සඳහා වන මොණරාගල දිස්ත්‍රික් සමුළුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“ජාති ආගම් භේද ඇති කිරීම සඳහා ඉතා සුළු පිරිසක් උත්සාහ කරනවා. ජාතික නායකයින්ට හා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට අපි ආයාචනා කර සිටින්නේ රට නැවතත් ගිණි ගැනීමට ඉඩ නොදී ජාතික ආගමික සමගිය හා සහෝදරත්වය ගොඩ නගන ලෙසයි. දේශපාලනය මැතිවරණය කාලය තුළට සීමා කර තිබේ. අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදා ගැනීමට සියළුම දේශපාලන නායකයින් ප්‍රතිපත්තිමය එකඟත්වයට පැමිණෙමු.

ලෝකයේ විනාශ වූ රටවල් ශක්තිමත් රාජ්‍යයන් බවට පත්වූයේ ඒ ඇතිකරගත් එකගත්වය හා සමගිය තුළයි. එමෙන්ම අපට ලෝකයේ තනි වෙන්නට බැහැ. අන්තර්ජාතික විශ්වාසය හා ගෞරවය අපි උපයාගත යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන මිනිස්  නීතියේ ආධිපත්‍ය රැකෙන, මිනිස් අයිතිවාසිකම් රකින, රටකට සංචාරකයින් හා ආයෝජකයින් පෙළගැසී පැමිණේවි. රජයෙන් ද අප ඉල්ලා සිටින්නේ මිත්‍රත්වයේ හස්තය සියලුම පුරවැසියන්ට දිගු කරන ලෙසයි” යැයිද ඔහු එහිදී පැවසීය.



අදහස් (0)

‘රට මුදා ගන්න සියලු දේශපාලන නායකයින් ප්‍රතිපත්තිමය එකඟතාවකට එන්න‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site