විනීතා එම් ගමගේ
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විවිධ කාළගුණ හා දේශගූණ විපර්යාස සඳහා පිළිතුරු සෙවීමේ දී තාක්ෂණයේ සහ විද්‍යාවේ සහය ඇතිව සිදු කරන පර්යේෂණ තුළින් නව මාවත් හෙළි කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දේශීය විද්‍යාඥයින් හා පර්යේෂකයින් ගෙන් ඉල්ලීමක් කළේය.
පර්යේෂණ සඳහා දැනට ජාතික ආදායමෙන් වෙන් කරන මුදල ඉතාමත්ම සුළු මුදලක් බවත් ඉදිරි අයවැයේ දී ප්‍රමාණවත් මුදලක් වෙන් කරන ලෙස භාණ්ඩාගාරයේ නිලධාරින්ට හා ආර්ථික විශේෂඥයින්ට තමන් උපදෙස් දුන් බව ද හෙතෙම කියා සිටියේය.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කලේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ අද (19) පැවැති විද්‍යාත්මක පර්යේෂණ උදෙසා වූ ජනාධිපති සම්මාන පිරිනැමීමේ උත්සවය අමතමිනි.
ජාතික පර්යේෂණ සභාව විසින් මෙම උත්සවය සංවිධානය කර තිබු අතර එහිදී පර්යේෂණවල නියැලි විද්වතුන් 309 දෙනෙකු සම්මානයෙන් පිදුම් ලැබීය.
එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපතිවරයා සභාව අමතමින් මෙසේ ද කියා සිටියේය.
‘‘විද්‍යා තාක්ෂණ පර්යේෂණ අංශ ලෝකයේ මානව පරිණාමය සංවර්ධනයත් සමඟ ඉදිරියට ආ අංශයක්. එදා ගල් යුගයේ සිට අද අධිතාක්ෂණික යුගය දක්වා පැමිණීමට ඉවහල් වූ ප්‍රධානම අංශය වන්නේ මේ පර්යේෂණයි.
ඉතාමත්ම නොදියුණු යුගයේ සිටි සිවුපාවෙකු ලෙස ජීවත්වූ මිනිසාට අද ඉහළම නව තාක්ෂණික ලෝකය නිර්මාණය කිරීමට ඉතිහාසය පුරාම ශක්තිය වුණේ ඔබ වැනි පර්යේෂකයින්, විද්‍යාඥයින් හා තාක්ෂණිකඥයින්. ඒ නිසා ලෝකයේ දියුණුවට වගේම අන්තර්ජාතික දියුණුව, ස්වභාවික සම්පත් සුරැකීම, ආදියේ දී අපි රටක් වශයෙන් ගත්තොත් අපට සංවර්ධනයේ වැදගත්ම කොටස ලෙස සැලකිය යුත්තේ පර්යේෂකයින් විද්‍යාඥයින් හා තාක්ෂණිකඥයින්.
මේ කටයුතු තව තවත් පුළුල් කිරීමේ අවශ්‍යතාවය මම දකිනවා. මම හිතන්නේ වෙන්කරන මුදල ඉතාමත් ප්‍රමාණවත් මදි. ඉහළම සංවර්ධනයක් තිබෙනව රටවල ජාතික ආදායමෙන් සියයට විසිපහකට වඩා පර්යේෂණවලට වියදම් කරනවා. අපේ රට මධ්‍ය ආදායම් ලාභී රටක් ලෙස බොහෝ විට වාර්ෂික අයවැය සකස් කිරීමේ දී බෙදාහරින ක්‍රමවේදයේ අඩුපාඩු තිබෙනවා.
ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය ජනක ද සිල්වා මහතා මෙහි දී පිළිගැනීමේ කථාව කළ අතර සම්මාන ලබා දීමෙන් පසුව උත්සව සභාව අවසන් කරමින් ස්තූති කතාව කරන ලද්දේ එම සභාවේ ප්‍රධාන විධායක නිලධාරි මනීෂා රාජපක්ෂ මහත්මිය විසිනි.
ඡායාරූප - චතුර එස් කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට විද්‍යාඥයෝ අවශ්‍ය වෙන්නේ නැහැ. මොන්ටිසෝරි ළමයෙකුගෙන් අද ඇහැව්වත් කියාවි කවුද රටේ ප්‍රශ්න ඇති කරන්නේ කියාලා.
රජයේ පරීක්ෂණ ආයතනවල විද්‍යාඥයකුගේ පඩිය රු 40000/= . විශ්‍රාම වැටුපක්වත් නෑ. ඉස්සෙල්ලා ඒ ගැන හිතන්න. නැත්නම් හැමදාම වෙන්නේ පර්සනල් රිසර්ච් ප්ලෑන්වලට වැඩ කරලා රට පනින එක තමයි. කොහොමත් ඔය සම්මාන ලැබෙන්නේ කඩේ යන අයටයි...
මොලයක් නැතිව ජනාධිපති කතා කරන්නේ කොහොමද කියලා මුලින්ම හොයමුද?
ඔබතුමාගේ මොළයත් පරික්ෂා කරගන්න.
ඔබ නැවත බලයට පත්වීමට කළ යුත්තේ බලය දෙන ජනතාවට සේවය කිරීම මිස හොරුන් සමග කුමන්ත්‍රණ කිරීම නොවේ..
කාළගුණ හා දේශගූණ විපර්යාස වෙන්නේ රටේ පව්කාරයෝ බිහිවෙද්දී. ඒ පව්වලින් රට බේරගන්න විද්‍යාඥයන්ට බැහැ මන් හිතන්නේ... මිනිසුන් ධර්මයට පයින් ගසලා තමයි මේ විපර්යාස කරගෙන තියෙන්නේ... මුදල්වලින් ඒ පව් හෝදාගන්න ලැබෙන්නේ නැහැ. අනේ අහක ඉන්න අපිටත් ඒ පව් ගෙවන්න වෙන එක නියතයි.
රටේ පවතින ප්‍රශ්ණ ගැන දැන් ඉන්න උගතුන් කියන පිරිසට තේරෙන්නේ නෑ. මිනිස්සු කීදෙනෙක් එදා වේල සඳහා අවශ්‍ය වියදම හොයා ගන්නේ ඉතාම අමාරුවෙන්. මේ තත්වය දන්නවා නම් රජයේ ඉහල නිලධාරීන්, විශ්ව වීද්‍යාල ආචාර්යවරුන් මෙතරම් මුදල් ප්‍රමාණයක් වැටුප වශයෙන් ලබාගන්නේ නෑ වැඩ කරන්නේ නැතුව. විශ්ව විද්‍යාල ආචාර්යයවරයකුට විශාල මූලික වැටුපක් ලැබෙනවා. නමුත් ඊට අමතරව එම අධ්‍යයයන හා පර්යේෂණ දීමනාව ද අනෙකුත් රජයේ දිමනාවන් ද ලැබෙනවා. එවිට ලැබෙනුයේ විශාල වැටුපක්. අධ්‍යයන හා පර්යේෂණ දීමනා ලබා ගනී නම් අනිවාර්යෙන්ම ජනාධිපතිතුමා කියන ආකාරයේ මහජන මුදල් තව වැඩි කරන්න ඕන නෑ. මහජන මුදල් පිණට මේ වෙනකොටත් ආචාර්ය වරු ලබා ගන්නවා. මහජනතාව දැනගතයුතු තවත් දෙයක් තියෙනවා. ඒ තමයි විශ්වවිද්‍යාල වල ඉන්න පුස්තකාල හා අනධ්‍යයන නිලධාරීන් ද මෙම වරප්‍රසාද ලබා ගන්නවා. මහජනතාව මේ දේවල් දැනගත යුතුයි.
ඕකට විද්‍යාඥයෝ අවශ්‍ය වෙන්නේ නැහැ. මොන්ටිසෝරි ළමයෙකුගෙන් අද ඇහැව්වත් කියාවි කවුද රටේ ප්‍රශ්න ඇති කරන්නේ කියලා. තමන්ගේ වාසියට රට අස්ථාවර කරලා රටේ ප්‍රශ්නයක් ඇති කරලා ජීවිතවලින් වන්දි ගෙවන්න ජනතාවට සිදු කරලා මෙයා රට වටේ බයිලා ගගහ යනවා. රටටත්, ජාතියටත් වදයක් නොවී ඕකෙන් ඉල්ලා අස්වී ගෙදර යන්න. අපේ රටට ජනපතිවරයෙක් කොහෙත්ම අවශ්‍ය නැහැ. මොකද අහිංසක ජනතාවගෙන් සුර සැප විඳිමින් රටේ ජනතාව ලෝකෙට ණය කරන්න තවත් වැඩකට නැති පුද්ගලයෙක් අවශ්‍යම නැහැ..
මෙයාට පිස්සුද කොහෙද?
ඔක්කොටම කලින් බලය වෙනුවෙන් හොරුත් එක්ක එකතු වුණු කෙනාගේ මොලය සහ මානසිකත්වය පරීක්ෂා කරන්න ඕනේ..
ජනපති තමයි අපේ රටේ දැනට තියෙන ලොකුම ප්රශ්නය...
ඔය වගේ පොඩි ප්‍රශ්න ගැන පර්යේෂණ කරන්න විද්‍යාඥයන් මොකටද?