(විනීතා එම් ගමගේ)
රටේ පවතින දේශපාලන තත්ත්වයන් බාධාවක් කර නොගෙන මේ වසර අවසාන වන විට නිම කළ යුතු සංවර්ධන කාර්යයන් විධිමත්ව සහ කාර්යක්ෂමව ඉදිරියට මෙහෙයවන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අද (02) පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ පැවති පොළොන්නරුව දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.
පොළොන්නරුව දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩ පිළිවෙළේ ප‍්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විමසා බැලීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.
දිස්ති‍්‍රක්කයේ අධ්‍යාපන ,සෞඛ්‍ය,පානීය ජල සම්පාදන ,මාර්ග සංවර්ධන ,වාරිමාර්ග, ගොවිජන සේවා , කෘෂිකර්ම,පශූ සම්පත් සංවර්ධන,වනජීවි,ඉඩම් හා නිවාස ඇතුළු සියලූ ක්ෂේත‍්‍රයන්හි කි‍්‍රයාත්මක සංවර්ධන කටයුතු සහ ඒවායේ ප‍්‍රගතිය පිළිබ`ද මෙහි දී සමාලෝචනයට ලක් විය.
එමෙන්ම පසුගිය නියං තත්ත්වය හේතුවෙන් විනාශයට පත් වූ වගාවන් සඳහා වන්දි ගෙවීමේ ක‍්‍රමවේදය පිළිබඳව ද ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් කරුණු විමසීය. යල කන්නයේ දී නියඟයෙන් විනාශ වූ කුඹුරු වගා කිරීම සඳහා බිත්තර වී නොමිලේ ලබාදීමට වැඩ පිළිවෙළක් සකස් කරන බව ජනාධිපතිතුමා පැවසීය.
එමෙන්ම වන සතුන්ගෙන් වගාවන් සහ අස්වනු සඳහා සිදුවන හානිවල දී වන්දි ගෙවීම් කි‍්‍රයාවලියේ පවතින අඩු පාඩු නිවැරදි කර ගැනීමට කඩිනමින් චක‍්‍රලේඛයක් සකස් කිරීමට ද ජනාධිපතිතුමා අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.
වනරෝපා ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ දිවයින පුරා පැළ කෝටියක් සිටුවීමේ වැඩ පිළිවෙළ මේ වන විට කි‍්‍රයාත්මක අතර පොළොන්නරුව දිස්ති‍්‍රක්කය තුළ වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන ආකාරය පිළිබඳව ද හෙතෙම විමසා බැලීය.
පොළොන්නරුව දිස්ත‍්‍රක්කය තුළ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය කි‍්‍රයාත්මක වීමේ ප‍්‍රගතිය සහ ආපදා කළමනාකරණ ව්‍යාපෘතිවල කි‍්‍රයාකාරිත්වය පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර පොළාන්නරුව නාගරික වෙළෙඳ සංකීර්ණයේ ඉදිරිකිරීම්වල ප‍්‍රගතිය ද එහි දී සමාලෝචනයට ලක් විය.
මේ අතර පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක මරදන්කඩවල - හබරන තිරික්කොන්ඩියාමඩු මංතීරු 04 ක මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ඉඩම් අහිමිවන්නන්ට වන්දි ලබාදීම යටතේ පවුල් 25 ක් වෙනුවෙන් වන්දි මුදල් ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන නියෝජිතයින් රැසක් සහ පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් පණ්ඩුක එස්.බී. අබේවර්ධන මහතා ඇතු`ථ රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන සංවර්ධනයද?
එය තමයි විය යුත්තේ. රට ඉදිරියට යනවනම් එච්චරයි. හැමදේම හොඳට විසඳෙනු ඇත .
සංවර්ධනය? අස්ථිර භාවයෙන් යුතු තැනක ආයෝජනය කරන්න කැමති ස්වදේශීය හෝ විජාතිය ආයෝජකයාද?
පුදුම ජනපති කෙනෙක්.. රට අස්ථාවර කරලා සංවර්ධනේ කරන්නලු.
එහෙනම් මෙයාටත් රට තුල අරාජික, ව්‍යාකුල තත්වයක් මතුවී තිබෙන බව පෙනිලා තිබේ ! ඒකට මුලිකවූ අය සොයා, තරාතිරම නොබලා මඩුවලිගෙන් තලන එකනේ තියෙන්නේ.
වරද කාගේද ?????
ඔව් ඔව් සංවර්ධන වැඩ ඔය පටන් අරන් තියෙන්නේ මැති ඇමතිකම් දීලා, දැන් උන් හොඳට සංවර්දනය වෙයි.. රටයි, රටේ අයයි කබලෙන් දැන් ලිපට වැටිලා ආප්පයක් වත් කන්න බැරුවයි ඉන්නේ...
රටේ සාමයක් නැතිව සංවර්ධනයක් නොවේ...
රටේ සාමයක් නැතිව සංවර්ධනයක් නොවේ...
රට ගිනිතියලා දැන් කියනවා රට වෙනුවෙන් වැඩ කරන්නලු ..
ඕක අපිට නෙමෙයි කිව්වේ. දහම්ටයි චතුරිකාටයි කියපු එකක්....
හොඳ සිහියෙන්ද මේ වගේ කතා කියන්නේ? අපි විතරක් රට සංවර්ධනය කළාම ඇතිද? ඇයි දේශපාලකයෝ මොනවාද ඒ අතරේ කරන්නේ? හොරා පොලිස්ද? අල්ලන සෙල්ලමද? හැන්ගිමුත්තන්ද?
අනේ මගේ කට... පොඩ්ඩක් බලන්න ඔලුව කොහේ හරි වැදුණද කියලා...