IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රටේ ඩොලර් කෝටි 600කට වෙච්ච දෙයක් නෑ


(සුජිත් හේවාජුලිගේ)

රටේ ඇමරිකානු ඩොලර්  කෝටි 600ක වත්කම් වලට වෙච්ච දෙයක් නොමැති බවත් කවුරුන් හෝ ඒවා අත්පත් කරගෙන ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු  කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය

ඔහු මෙසේ පැවසුවේ  අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය කොළඹදී අද  විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ව්‍යාපෘති ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් ලබා ගෙන තිබුණත් වත්කම් තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 2 කටත් අඩුවෙන් බවද ඔහු කීවේය.

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත හරහා සංවිධානාත්මක අපරාධ මත්ද්‍රව්‍ය මැඩලීමට අවස්ථාව සැලසෙන  බවද ඔහු සඳහන් කළේය.



 

 



අදහස් (20)

රටේ ඩොලර් කෝටි 600කට වෙච්ච දෙයක් නෑ

de silva Monday, 20 October 2025 02:05 PM

ඕවා බෙදා ගත්තේ පක්ෂ විපක්ෂ දේශපාලකයන්, රජයේ නිලධාරියන්, පෙර්කදෝරුවන්, වැනි පුද්ගලයින් තවමත් ඔවුන් සතුව මෙම දේපල තිබෙන අතර මේවා වහන, ගොඩනැගිලි හෝ වෙනත් ආකාරයට තිබෙන බවත් ඔවුන් ප්‍රසිද්ධියේ මේවා පරිහරණය කරන බවත් දකින්න පුළුවන්...

:       4       16

සමන් - ඕමානයMonday, 20 October 2025 06:41 PM

ඉතින් අනේ විජේපාල මහත්තයෝ, අර කොට්ටච්චි නෝනාගෙන් අහන්නකෝ. ඩොලර් සල්ලි බර ගණනක් උගන්ඩාවට යැව්වා කියලා නේ කිව්වේ. ඔය කියන කෝටි 600ම එහාට යවන්න ඇති. එයා කිව්වනේ ඒ සල්ලි ඔක්කෝම ආපහු ගෙන්නනවා කියලා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ?

:       1       0

ramani Monday, 20 October 2025 02:09 PM

මේක බොරුවක් කියල හර්ෂ ද සිල්වා කිව්වා. ගොඩක් කලකට කලින්. ඔය කියන නැතිවූ වත්කම් තියෙන්නේ RDA , මහවැලි අධිකාරිය , ජලසම්පාදන මණ්ඩලය වගේ වෙනත් ආයතන වල දේපල හැටියට. ණය ලැයිස්ත්තු ගත කළාට ඒ දේපල මහා භාණ්ඩාගාරය ලැයිස්තුගත කරලා නැහැ.

:       27       30

chathuriTuesday, 21 October 2025 05:33 AM

රමනි කියන්නේ කොහොමද මේක බොරුවක් කියලා... ඔයාගේ ඇත්ත නම... ශිරන්ති රාජපක්ෂද? ඒ පවුලේ අයියා මලෝ... දරුවෝ සුරසැප විදින්නේ කොහොමද? කොහෙන්ද මේ තරම් මුදල් කියලා හොයලා බලන්න ඕනෑ. තවමත් ජීවත් වෙන්නේ... බලය තියෙන ගානට නාමියන්ගේ ගෙදර තියෙන සේප්පු අල්මාරිය. තරම් ලොකු ඒවා. මේවාවල තමයි තැන්පත් කරලා තියෙන්නේ... රටේ සේරම නැතිවු මැණික්. රත්තරන්, මුදල්... නාමල් බේබිට.... ජනාධිපතිකම දෙන්නම් කියලා. ඔලුව අතගෑවා නම් සේරම කියනවා.

:       0       0

අප්පුහාමි Tuesday, 21 October 2025 08:07 AM

ව්‍යාපෘති ණය හැටියට ණයක් අරගෙන ව්‍යාපෘතියද අදාල රටට දුන්නාම ඔවුන් එම ණය මුදලින් අවශ්‍ය කරන යන්ත්‍රසූත්‍රාදියත් ඒ ණයන්ම ගේනවා ඇති... රේගුවේ ගාස්තුත් නිදහස් වෙනවා... රටට ගෙනෙන මුදල් භාණ්ඩාගාරයෙන් ලේඛනවල සටහන් කළාට වාහන යන්ත්‍රසූත්‍ර ලේඛනගත වෙන්නේ නැතුව ඇති... කවුද ඒවා පරීක්ෂාකර බලන්නේ..? එහෙමනම් ලොකු මුදලකුත් අඩුබව පේන්නත් පුළුවන් ඔය අතරේ කොමිස් කුට්ටියක් යන්නේ නැහැ කියන්න පුළුවන් කමක් නැහැලුනේ... ඊළගට නිළධාරින්ට ගෙවීම්? වියදමෙන් 10%-15% ක් යනවානේ..

:       0       0

රනේ Monday, 20 October 2025 02:14 PM

කවුද අනේ ඒ හොර ගෙඩි.. 3/4ක් අරගෙන කොහේ තියාගෙන ඇතිද? රට ඇතුලෙ වෙන්න බෑ..

:       10       20

Nihal Monday, 20 October 2025 02:14 PM

පැනමා ලැයිස්තුවේ හොරා කාපු චෞර රැලගේ නම් තියෙනවා.

:       9       26

සෙනෙවිරත්න Monday, 20 October 2025 02:43 PM

මෝඩ කතා නොකිය වෝහාරික විගණනයක් කරන්න.

:       5       26

sene Monday, 20 October 2025 03:07 PM

කටට එන පච කෙපර කියන කාලය අහවර කරන්න. ඕවා අහලා දැන් ඇති වෙලා. වැඩක් කරන්න පටන් ගන්න මොන කරුමයක්ද දෙවියනි මේ?

:       16       27

Jagath Leanage Monday, 20 October 2025 03:13 PM

අපි නං දන්නවා. ගජ මිතුරන් ගාව සහ නෑදෑ සනුහරේ ගාව තමයි ඒ සල්ලි තියෙන්නේ

:       9       14

මම බබා Monday, 20 October 2025 03:24 PM

ඕවා කියන්න එපා. නම් ගම නොකිව්වත් හාමුලා හොරු කියලා දන්න බයියෝ එනවා ඕවා කියන අයට බනින්න..

:       6       14

Mohan Monday, 20 October 2025 03:47 PM

විගණනය කිරීමේ වටිනාකම මෙයයි. ඕවා ගත්තේ කවුද ඉතින්...? හිටපු දේශපාලකයෝ සහ රජයේ සේවකයෝ...

:       4       16

ගුණරත්න Monday, 20 October 2025 03:49 PM

88 සහ 89 අවුරුදු දෙකෙහි විතරක් පුච්චපු බිලියන 50ක් අළු දූලි වෙලා ගියා, තව ඩොලර් බිලියන 200ක් ත්‍රස්තවාදී යුද්ධය නිසා අළු දූලි වෙලා ගියා. කවුරුවත් ඒ ගැන නම් කතා කරන්නේ නැහැ.

:       13       29

ChandanaTuesday, 21 October 2025 12:03 AM

මෝඩ ගුණයාගේ, මෝඩ කමෙන්ට්ස්...

:       0       0

උකුස්සා Monday, 20 October 2025 04:09 PM

තංගල්ලේ පැත්තේ අනිවාර්යෙන් හැම ගෙයක් ගානෙම සෝදිසි මෙහෙයුමක් කරමු

:       9       20

Kule Monday, 20 October 2025 04:37 PM

ඡන්දයක් ළග ළගම වගේ...

:       2       20

සමන් වි2 Monday, 20 October 2025 06:14 PM

වඩේ විකුණලා කෝටිපති වුණු අයගෙන් ඇහුවා නම් හරිනේ...

:       1       21

අරවින්ද මොණරවිල Monday, 20 October 2025 07:08 PM

හොරුන්ට වැඩිය හොරු ගැන කරදර වෙන්නේ ඔවුන්ගේ ඉදුල් කාලා බඩ වියත ගැට ගහ ගන්න අය, එකයි කරුමය කියන්නේ...!

:       0       0

Nishan Tuesday, 21 October 2025 09:35 AM

අපිට දැන් ඔය කතා අහලා එපා වෙලා. ඕවා ඔයාලාගේ කටට එනවාට කියන කතා මිසක් කිසිම සාක්ෂියක් ඇතුව ස්ථීරවම කියන කතා නොවන බව අපි දන්නවා. ඔය හොරකම් කරපු කතා කියලා අපිව තව දුරටත් රවට්ටන්න නම් හිතන්න එපා. අපි දන්නවා ඔය හැම කිල්ලෝටෙම හුණු තියෙන බව...

:       0       0

හාරාමනිස් Thursday, 23 October 2025 12:04 PM

මෙයා දූෂණ විරෝධී කමිටුවේ හිටියා නේද? එතකොට දන්නේ නැහැ බයිලා තමා මේවා ඇත්ත කියලා අහන ගොන්නු බූරුවෝ ඉන්නවානේ $ බිලියන 6 ක්‌ කියන්නේ සුළුපටු ගණනක් නොවෙයි... කොයි රටෙන්ද අරන් තියෙන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site