IMG-LOGO

‘රටේ අර්බුධය ජය ගතහැක්කේ පළිගැනීමෙන් නොව සහජීවනයෙන්‘

(නිමල කොඩිතුවක්කු)

රට මුහුන දී ඇති මෙම දරුණු අර්බුධය ජයගත හැක්කේ දේශපාලන විරුද්ධ මතධාරීන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට කැඳවා ජනාධිපති කොමිෂන් සභා හරහා පළිගැනීමෙන් නොව, සහජීවනයෙන් ක්‍රියා කිරීමෙන් බව රජය වටහා ගත යුතුව ඇතැයි  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.

මෙම දරුණු අවස්ථාවේ හෝ රජය නම්‍යශීලී වී සියලු දෙනාගේ සහයෝගය ලබා රට ගලවා ගැනීමේ ප්‍රයත්නයට මුල්විය යුතුව ඇතැයිද  ජයසූරිය මහතා සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“ඉන්ධන හා විදුලි අර්බුදය නිසා ජන ජීවිතය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබේනවා. කෘෂිකර්මය ඇතුළු මුළු ආර්ථිකය ම විනාශ වෙලා. රාජ්‍ය තන්ත්‍රය තුළ එක් මතයක් නොමැති නිසා ඉක්මන් විසඳුමක් නොපෙනේ. තවත් රජයේ විවිධ පාර්ශව නොයෙක් මත ඉදිරිපත් කරමින් සිටී. එය රට තවත් අවුල් කිරීමක් විදියට අපි දකිනවා. ලෝකයා හමුවේ රටත් ජනතාවත් ඉතාමත්ම අසරණ තත්ත්වයට පත්ව ඇති අවස්ථාවක, නැවත නැවතත් අප හඬ නගා පවසන්නේ යුක්රේන ජාතිකයින් මෙන් අත්වැල් බැඳගෙන ජාතික සමගි වැඩපිළිවෙලකට එක්වන ලෙසයි.

ජනතාව මුහුණ දෙන අනේක විද දුක් කම්කටුලු වලට රජය වහා පියවර ගත යුතුයි. වහාම විසඳිය යුත්තේ ගමනාගමනය හා විදුලිය සැපයීමයි. විදුලි සැපයුම යතා තත්වයට පත් කිරිම පහසුවෙන්ම විදුලිබල මණ්ඩලයට කළ හැකියි. දුම්රිය සේවය හා බස් සේවය බිඳ වැටුණහොත් මුළු රටම මුළුමනින්ම අකර්මණ්‍ය වනු ඇත.

මෙම දරුණු අවස්ථාවේ හෝ රජය නම්‍යශීලී වී සියලු දෙනාගේ සහයෝගය ලබා රට ගලවා ගැනීමේ ප්‍රයත්නයට මුල්විය යුතුය. එම සහයෝගය ලබා ගත හැකගත හැක්කේ දේශපාලන විරුද්ධ මතධාරීන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට කැඳවා ජනාධිපති කොමිෂන් සභා හරහා පළිගැනීමෙන් නොව, සහජීවනයෙන් ක්‍රියා කිරීමෙන් බව රජය වටහා ගත යුතුයි.

දේශපාලන පලිගැනීම් වල යෙදෙමින්, එක් රටක් එක් නීතියක් යනුවෙන් ජනතාවට කියමින්, එම පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කිරීමතක් ලෙෂ අප එය දකිනවා.  රජයේ එම ක්‍රියාදාමය ජනතාව අනුමත නොකරන බව වටහා ගත යුතුයි.” යැයිද ඔහු එහිදී පැවසීය.



අදහස් (0)

‘රටේ අර්බුධය ජය ගතහැක්කේ පළිගැනීමෙන් නොව සහජීවනයෙන්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site