(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ දෙදිනක විවාදයක් හෙට (19) සහ අනිද්දා(20) පැවැත්වීමට තීරණය කොට ඇත.

හෙට පස්වරු 1 සිට පස්වරු 6 දක්වා ද අනිද්දා පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා ද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

කතානායක මහින්ද මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ රැස්වීමක දී මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක  මහතා පැවසීය.