
(රෝෂන් තුෂාර)
එක්සත් ජාතික පක්ෂයේ "සිරිකොත" පක්ෂ මූලක්ථානය අලුත් වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රම වේදය අනුගමනය නොකර යොදවා ගැනීමෙන් රජයට පාඩු කළේ යැයි කියන එම සංස්ථාවේ නිලධාරියකු අල්ලස් කොමිසම මගින් අද අත්අඩංගුවට ගැනිණි.
එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය “ සිරිකොත ” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරිමට යෙදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රු. 1,667,294.87 ක පාඩුවක් ද, එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් ද, සිදු කිරීම සම්බන්ධයෙන් මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර නිලූ දිල්හාර විජේදාස නැමැති එම සැකකරු අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාණෝ දැන් හැංගෙන්න තැනක් හොයා ගනින් !
ඒ කාලේ සජිත් නිවාස ඇමැති ඉංජිනේරු සංස්ථාව තියෙන්නේ ඔහු යටතේ... සජිත් මෙයට වගකිව යුතුයි.
මට හිතෙන්නේ ඔය නිලධාරියා කටයුතු කරන්න ඇත්තේ ඉහළ තැනවල උපදෙස් අනුව කියලා. ඉතින් අත්අඩංගුවට ගන්න ඕනෑ ඒ වැඩේට අනුමැතිය දුන් අයවයි. මේකත් අර "නිසි පරීක්ෂණයකින් තොරව " ගත් තීරණයක් බවයි පෙනෙන්නේ. අනේ මන්දා. මිටි තැනින් වතුර බහිනවා වගෙයි. ඕකෙන් වෙන්නේ රජයේ නිලධාරීන් වැඩ කරන්න බය වෙන එකයි...