
(යොහාන් භාසුර)
රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා වගා කටයුතුවලට යොමුවී ජනතාව ඒ සඳහා දිරිමත් කිරීම ඉතාමත් කාලෝචිත බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මත ඉදීරියේදී ආහාර හිඟයක් මතුවීමේ අවදානමක් ඇති බව විද්වතුන් පෙන්නුම් කරදී ඇති පසුබිමක රටක් ලෙස මෙම තත්ත්වයට මුහුණදීමට සියලු දෙනා එක්ව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් රටේ තරුණ ප්‍රජාව මෙම කාර්ය සදහා සෘජුවම දායකකරගැනීම සදහා වූ විධිමත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමට තරුණ කටයුතු භාර සිය අමාත්‍යංශයේ වගකීමක් බවත් අමාත්‍යවරයා කීය.
අවුරුදු 15 සිට අවුරුදු 29 දක්වා වයස් පරතරයේ පසුවන ලක්ෂ 50කට ආසන්න තරුණ තරුණියන් ඉලක්ක කර නව වැඩසටහන් දියත් කිරීම හරහා පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදී ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යසනයන්ගෙන් රට මුදවා ගැනීමට කටයුතු කළ යුතු බව කී අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසුවේ ලක්ෂ 17කට වැඩි රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ට උද්ගතව ඇති අර්බුදකාරී තත්වය හමුවේ නිවසේ සිට රාජකාරි කිරීමට ලැබෙන දිනවලදී නිවසේ වගා කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතු බවයි.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ටොරින්ටන්හි පිහිටි තරුණ හා යෞවන කටයුතු අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඩියත් කපලා ඉඩමකුත් නැතුව මහ පාරේ වගා කරන්නද?
ඊට වැඩිය හොඳ නැද්ද ඔය නිකන් කකා රට අගාධයටම ඇදලා දාන දියවන්නාවේ ඉන්න හරක් රැළ කුඹුරුවලට සීසාන්න දැම්මා නම්..? ඒ ටිකනම් හරියට සීසාගන්නවත් බැරිවෙයි. ඒ තරමටම විනය පිරිහිලා...
ඔය 225ටම ඔක කරන්න පුලුවන්නෙ. පාර්ලිමෙන්තිව හැමදාම ඇත්තෙත් නැ. කරන වැඩකුත් නැ කොහොමත් ඉතින්. නිළදාරින්ට කියන්න කලින් 225 කරල පෙන්නුවානම් තමයි හොද.. තාම මිනිසුන්ට ගමන් අඩු කරන්න කිව්වට, තෙල් වැඩියෙන්ම පුච්චන වාහන පාවිච්චි කරන නිකමො සෙට් එක ඒක අඩු කලෙ නම් නැ.
මුලින්ම 225 එකතුවෙලා රටට ආදර්ශයක් දුන්නා නම් තමයි හොඳ...
ඒකනේ කියන්නේ.. ඇයි රජයේ සේවකයන් උදේට වැඩට ගිහින්, හවසට කුඹුරට ගිහින් රෑට දඩයමේ යන්නේ? මේක කළහැකි වැඩක්... මේ යෝජනාවෙන් මෙතුමා දෙවැනි වෙන්නේ උතුමාණන්ගේ කාබනික අදහසට විතරයි. සුබ අනාගතයක්...
ඔබතුමා කිව්වේ නිතරම මොබයිල් එක බලබලා 'කොටන' තරුණ කැලටද..?
යන්නෙත් කොට කොටා කන්නෙත් කොට කොටා වැසිකිලියෙත් කොට කොටා නිදන්නෙත් කොට කොටා..! ඒ මොකක්ද..? ජංගම දුරකථනය
එන්න අපි මඩගොවිතැන් කරමු. 225ක්ම ඉන්නේ මඩවන්න... ආයේ හරක් ඕනෑ නැහැ.
මෙයා ඇවිදින මංතීරු හදන්න ඔට්ටු වුණු තරම් මතකයිනේ... කන්න බොන්න නැතිව ඉන්න අපිට මොන මංතීරුද? මෙයාගේ තෙල වැඩිවෙලා නිසා මන්තීරු ඕනෙ ඇති...
රජයේ සේවකයෝ හොඳට වවාගෙන කන්න දක්ෂයෝ.., සාමාන්‍ය මිනිහෙක් රජයේ කොන්ත්‍රාත්තුවකට වැඩක් කරගන්න ගියාම වැඩේ වවාගෙන අලකරලා, අර මනුස්සයාගේ ඉහ මොල සූරාකන්න රජයේ සේවකයින් දක්ෂයෝය.
දැනට ගොවියන් කර ඇති වගාවන් රැකගන්න පඹයින් ලෙසවත් සිටවමු. OT ඉල්ලයිද දන්නේ නැහැ.
නිවසේ සිට රාජකාරී කරන්නේ නම් කොහොමද හලෝ වගා කරන්නේ..? මොන බහුබුත කතාද මේ? දැන් තේරෙනවාද රටට වැඩක් නොකරන රාජ්‍ය සේවකයින් කොපමණ ඉන්නවාද කියා...? හැබැයි මොවුන්ට වර්ෂ අවසානයේ ලැබෙන වැටුප් වැඩිවීම ඇතුළුව උසස්වීම්ද ලැබෙනවා. අනේ මෙහෙම රටක්..! .
රජයේ සේවකයින් වගා කෙරුවාම අස්වැන්න හැටියට හම්බ වෙන්නෙත් රජයේ සේවකයින්ට නේද? අපරාදෙනේ දැනටත් අතිරික්තයක් තියෙන එකේ රජයේ සේවකයින් රට පටවමු.. එහෙමනේ විනිමය හොයන්නේ...
රජයේ සේවකයින්ට වගා කරන්න කියන්න එපා, එයාලා ස්ට්‍රයික් කරයි. එක්කෝ දීමනා ඉල්ලයී.