(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජය අධ්‍යාපනයට වාර්ෂිකව මුළු ආදායමෙන් සියයට දහයකට වැඩි ප්‍රමාණයක් ආයෝජනය කළද පාසල් සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් නොලැබෙන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්පත් බෙදී යාමේ බෙදීයාමේ විෂමතාවක් පවතින බවද එම කාරක සභාව සඳහන් කරයි.
පළමු වසරට ළමයින් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් යොමු නොකෙරුණු පාසල්ද පවතින බවත් රට පුරා පාසල් වලින් සියයට 50ක සිටින්නේ ළමයින් 200ට අඩුවෙන් බවත් රජයේ ගිණුම් කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන බලධාරීන් නිදි. තවමත් යල් පැන ගිය රටාවක් තියෙන්නේ . ප්‍රතිසංස්කරණය ට වෙනමම ඇමති කෙනෙකුත් ඉන්නව . සල්ලි නාස්ති කරනව විතරයි .
ස්ටාලින් ගේ වැඩි පඩි ඉල්ලන ගුරුවරු සෙට් එක හරියට වැඩකරනවා ද ? හරියට වැඩ කරනවා නම් , ජනප්‍රිය පාසල්, ජනප්‍රිය නොවන පාසැල් ,ළමයි අඩු ප්‍රතිශතකයකින්ග් විභාග පාස් වෙන පාසල් තියෙන්න බැහැ නේ වැඩිපුරම ඉන්නේ 2ට ගෙදර දුවන්න බලාගනේ ගුරුවුර්තියට ආපු අය. ස්ටාලින් සහ පාරේ නටන අයගෙන් මේවට පිළිතුරු ඕනේ !!
ලෝකේ ගුණාත්මක අධ්‍යාපනයක් හැදෙන්නේ 150ට අඩු පාසල්වල - පොල් පටවනවා වගේ පාසල් වලට ළමයින් දාලා පහසුකම් නොදී ගුණාත්මක අධ්‍යාපනය ගැන කතා කරනවා... ඔක්කෝටම කලින් මොවුන්ව ආයේ පාසල් යවන්න ඕනෑ...
පාසල් අතර, අධ්‍යාපන කලාප අතර, පළාත් අතර ප්‍රසිද්ධ විභාගවල පළමුවැනියා වීමට ඇති තරගය පවතින තුරු, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය නොහැක. අනෙක් කාරණය ගුරු අධ්‍යාපනයේ දී කොතරම් ගුණාත්මක ඉගෙනීමකට පුහුණු කළද සමාජය ඉල්ලන්නේ විභාග ප්‍රතිඵල පමණක් නම් එයද ගැටලුවකි...
ගුරුවරු ළමයින්ට උගන්වන්නේ නැහැ. ටියුෂන් තමයි හරියට කරන්නේ.