
(සුජිත් හේවාජුලිගේ)
අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුව යටතේ ඇති විවිධ අංශ පන්දාහකට වැඩි ප්‍රමාණයක් නිශ්චිත කාර්යභාරයක් ඉටු නොකරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය
විද්වත් කමිටුවක් හරහා එම ආයතන පිළිබඳව සොයා බලා වැදගත් නොවන අංශ ඉවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ගෞරවාන්විත රාජ්‍ය සේවයක් බිහි කිරීම රජයේ එකම අපේක්ෂාව බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලය එකක්. මගේ නමම තියෙන ලේකව් වරයෙක් හිටියා. මිනිහා මේ ළගකදී පැන්ෂන් ගියා. මෙලෝ වැඩක් කලේ නැහැ. කලාප කාර්යාල වලින් ලියුම් පිට ලියුම් එවනවා. විගණන විමසුමක් පවා තියෙනවා. මෙලොව රාජකාරියක් කරපු කෙනෙක් නොවෙයි. අනික දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය. බොරුවම තමයි කරන්නේ. දෙන පඩියටත් ණයයි...
මුලින්ම ප්‍රධානම සුදු අලියා වන පළාත් සභා අහෝසියි කියන්න මොකද 1987 පළාත් සභා ඇති කලාට විරුද්ධව කැරළි ගැහුවෙ ජවිපෙ කට්ටියනේ. ඉතින් එහෙම අයගේ ආණ්ඩුවෙන් එය වෙන්නම ඕන.
පළාත්සභා ඡන්ද නැති වුණාට, නිලධාරීන්ට, කාර්යාලවල සහ අනෙක් සම්පත් වලට විශාල වියදමක් යනවා. දේශපාලකයින්ට පඩි නඩි සහ පහසුකම් වියදම් වෙන්නේ පළාත් සභා වැය ශීර්ෂයෙන් 10% කට අඩු ප්‍රමාණයක්, කරුණාකර කර චන්දෙ තබා පළාත්සභා ක්‍රියාත්මක කරන්න නැතිනම් පනතක් ගෙනත් පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න... ජනමත විචාරණයක් තිබ්බොත් ජනතාවගෙන් 80% පළාත්සභා වලට විරුද්ධව ඡන්දේ දේවි...
පළාත් සභා අහෝසි කරන්න. මම දැන් අල්ලස් එකට පැමිණිලි කිහිපයක්ම කරලා තියෙනවා මගේ නමින්ම. තාම ඒවා විභාග කළේ නැහැ. පළාත් සභාවල පුද්ගලයින් හොරකම් කරන ඒවා ගැන. සාක්ෂි සහිතයි. විගණන විමසුම් පවා තියෙනවා. ආණ්ඩුකාරයා මේවා කොහොම හරි වහනවා. ආණ්ඩුකාරයා ඊට වඩා දූෂිතයෙකි. මම මගේ නමින්මයි මේ කියන්නේ. බය නම් කියන්නේ නැහැ. පළාත් සභා වහාම අහෝසි කරමු. අපි ඉදිරියේදී විශාල වැඩ කොටසක් කරනවා ඒ වෙනුවෙන්. මේ රට බංකොලොත් වෙන්තත් පළාත් සභාවල හොර හැතිකරය දායක වුණා. මම තරම් දකුණු පළාත් සභාවේ හොරකම් ගැන දන්න කෙනෙක් නැහැ. ඇමතිලා හිරේ යැව්වේ අවුරුදු 20 කට නම් මේ අය අඩුම තරමින් අවුරුදු 40 කට හිරේ යවන්න ඕනෑ. අපි දැන් වැඩේ පටන් අරගෙන තියෙන්නේ. ආණ්ඩුකාරයා තමන්ට අයිතිනැති දේවල් වටලත් මැදිහත් වෙනවා. පළාත් සභාවේ සියලු නිලධාරීන් එක පැත්තකට වෙලා එන්න මමත් එක්ක විවාද කරන්න. ආණ්ඩුකාරයා මෙලොව නීතියක් නොදන්නා කෙනෙක්. ජනාධිපති හිතන් ඉන්න දේවල් එවාගෙන් කවදාවත් කෙරෙන්නේ නැහැ. මම දකුණේ පුරවැසියෙක්. මේ ගොල්ලෝ සංවිධානාත්මක අපරාධකාරයෝ කියලයි මම නම් කියන්නේ. ඒ නිසා පළාත් සභා අවශ්‍ය නැහැ.
ජයේ අදායම් වලින් 80% වියදම් වෙන්නේ රජයේ සේවකයන්ට පඩි,විශ්‍රාම වැටුප් සහ වෙනත් පහසුකම් සපයන්න , ගත් ණයවලට පොලි ගෙවන්න , සංවර්ධනයට , අධ්‍යාපනයට , රෝහල් වලට ඉතුරු ටික , ලංකාවේ අවශ්‍ය පමණට වැඩිය රජයේ සේවකයෝ 3 ගුණයක් සිටිනවා නමුත් රියදුරු බලපතක් , හැදුනුම් පතක් , පාස්පෝර්ට් එකක් ගන්න දිනයක් වෙන්කරගෙන ගියත් ඉල්ලුම්පත්රේ භාර දෙන්න පමණක් වරුවක් විතර රස්තියාදු වෙන්න ඕනේ , කරුණාකර මේ සේවකයෝ ප්‍රතිවියුහගත කරගන්න , අල්ලස් ගන්න මිනිස්සුන්ට විරුධව නිතිය ක්‍රියාත්මක කරලා විශ්‍රාම වැටුප් දීමන මොකවත් නැතිව එළියට දමල අත්‍යවශ්‍ය රටට දැරියහැකි රජයේ සේවක පිරිසක් පමණක් සේවයේ තබාගෙන ඉදිරියට යමු , පළාත්සභා නම් අවශ්‍ය නැත , මේක අවශ්‍යද නැද්ද කියල රටේ ජනමත විචාරණයක් තියල, මේවා අවශ්‍ය බව කියන පළාත්වලට පමණක් පළාත් සභා දෙන්න , ඉතුරුව විසුරුවා එම බලතල මධ්‍යම ආණ්ඩුවට සහ ප්‍රාදේශීය සභා නගර සභා වලට බෙදල දෙන්න , මේකට තම ජනතාව 2/3 වැඩි බලයක් දුන්නේ , අපේ බදු සල්ලි නිකරුනේ නාස්ති කරන්න එපා , රටේ බදු බර ඉතා ඉහලය..