(ලලිත් නවරත්න)
හලාවත ප‍්‍රදේශයේ ප‍්‍රබල දේශපාලනාඥයකුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ඇතුළු සන්නද්ද කල්ලියක් ආරච්චිකට්ටුවල ආනවිලූන්දාවල රාජකදලූව යන ප‍්‍රදේශවලදී  නිවෙස් 3ට බලහත්කාරයෙන් ඇතුලූවී එහි නිවැසියන් බිය ගන්වා මරණ තර්ජන කරමින් එම නිවෙස්වලට සහ රථවාහනවලට අලාභහානි කර ඇතිබව  ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව හිටපු එ.ජා.ප ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී  ඇනීසීටස් සිල්වා සහ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභා සේවකකෙු වන එච්. ලක්ෂ්මන් නැමැත්තෙකි.
හිටපු එ.ජා.ප ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාගේ පැමිණිල්ලට අනුව  ඔහුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුලූවූ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු පොදු පෙරමුණ  ප‍්‍රාදේශීයසභා  සභාපති ඇතුලූ පිරිසක් තමන්ට බරපතල ලෙස පහරදී කඩුවෙන් කපා ඔහුට අයත් නවීන වෑන්රථයට හා තවත් යතුරුපැදි දෙකකට අලාභහානි කොට මරණ තර්ජන කොට පලාගිය බව සඳහන් වී ඇති බව පොලීසිය පවසයි.
පහරකෑමට ලක්වූ ප‍්‍රාදේශීය සභාවේ සේවකයා තම සේවය සඳහා ප‍්‍රාදේශීය සභාව අසල රැුඳීසිටින අවස්ථාවේ හිටපු සභාපතිවරයා ඇතුලූ පිරිසක් ජීප්රථයකින් පැමිණ තමන්ට අතින් පයින් සහ කඩුවක නොකැපෙන පැත්තෙන් පහරදී තමන්ට අයත් ත‍්‍රීරෝද රථයට බරපතල ලෙස හානි සිදුකළ බවට පොලීසියට පැමිණිලි කරඇත. 
මෙදිනම මෙම මැරපිරිස විසින් ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ ප‍්‍රාදේශීය සභාමන්ත‍්‍රී අජිත් ගිහාන් මහතා නිවසේ නොමැති අවස්ථාවේදී ඔහුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුලූවී ඔහුගේ නිවසට හා ව්‍යාපාරික ලොරිරථයට පහරදී අලාබහාන් සිදුකර ඇති අතර නිවැසියන්ට මරණ තර්ජන සිදුකළ බවට පොලීසියට පැමිණිලි කරඇත
තවද එම මැරපිරිස විසින්ම ජාතික ජනබල වේගයේ ප‍්‍රභල සාමාජිකයෙකුගේ නිවසට පැන ඔහු නිවසේ නොමැති අවස්ථාවේ ඔහුගේ නිවසට හා ව්‍යාපාරික ලොරි රථයටත් මහන යන්ත‍්‍රයකටත් පහරදී අලාභහාන් සිදුකර ඇතිබවට පොලීසියට පැමිණිලි කරඇත.
පහර කෑමට ලක්වූ පුද්ගලයින් තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කරඇත.
පැමිණිලි වලට අනුව සිද්ධියට සම්බන්ධයැයි සැකකරන ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ පොදු පෙරමුණ හිටපු සභාපති හා එම ප‍්‍රාදේශීය සභාවේ වර්තමාන ප‍්‍රාදේශීය සභාමන්ත‍්‍රී ජගත් සමන්ත පෙරේරා මහතා ඇතුලූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට විශේ්ෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව ජේෂ්ඨ පොලිස් නිළධාරීයෙක් පැවසුවේය.
පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා හලාවත කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ  පොලිස් අධිකාරී රංජිත් විජයවර්ධන යන නිළධාරීන්ගේ උපදෙස්මත ආරච්චිකට්ටුව පොලිස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී. වී. අරුණශාන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.