
(මනෝප්රිය ගුණසේකර)
කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර ගනිමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව ර`දවාගෙන ප්‍රශ්ණ කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සියදිවි හානිකර ගැනීමේ අවධානමක් ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට අද දැනුම් දුන්නේය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා පසුවන දැඩි මානසික ආතති තත්වයට ප්‍රතිකාර නොකළහොත් ඔහු සියදිවි හානිකර ගැනීමේ අවදානමක් ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවේ සඳහන් කළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඒ බව දැනුම් දුන්නේය.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ තත්වය දැනුම් දීම සඳහා මෝෂමක් මඟින් මෙම පැමිණීල්ල කැඳවු අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඒ බව දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරෙල්ලා වරෙල්ලා! රොද බැදන් වරෙල්ලා... රට රකින්න මරු කටට ගිය ඒකාගේ මිනිය වලලන්න වරෙල්ලා. (ණයටවත් ඩීසල් ටිකක් අරන් වරෙල්ලා... ටිලී කිව්වා කියපල්ලා) - හිගා කෑමට උගන්නාපු, වැරදි පටවන්නට සියල්ල කියා දුන් උත්තරීතර නායක සහ "(අ)තිශය (න)රි (ර)ගපෑම" අවසානයේ වීරයා මරා මැරබෝන් කන්න රොද බැදන් වරෙල්ලා... එන ගමන් හූවකුත් කියපල්ලා රැවටෙන මෝඩ ලක්ෂ 68 - (අඩු කිරීම) 3% ට! ඔන්න ඔහොමයි රැඩිකල් වෙන්නේ...
මොන දහං සුත්තරේ හරි දාලා මිනිහව එලියට ගනිල්ලා. කට්ටිය එයාවත් කපිල ගිය ලොකයට යවාවි. එකේ ඉන්නෙ මීයෝකැරපොත්තෝ නෙවෙයි, යමපල්ලො. පාස්කු වින්දිතයන්ට දෙයියන්නෙම පිහිටයි.
නරකාදිය ....
පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව සිදු කරන පරීක්ෂණවලට.
බුද්ධි නිලධාරියා ආතතියකට පත්වෙලා ඉන්නේ ඇයි? මෙයාලව දැඩි ආතති තත්වයන් යටතේ කටයුතු කරන්න පුහුණු වෙලා නැද්ද? අනික මෙවැනි බුද්ධි නිලධාරින් නිසා ආතතියකට පත් වුන අගතියකට පත්වුනු මිනිස්සු කොච්චර ඇද්ද?