
(ගයාන් සූරිය ආරච්චි)
"වවුනියාවේ සිඟිති පාතාලය" නමින් සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පළවීමෙන් පසු විමර්ශන පවත්වා සැකකාර සිසුන් 7 දෙනකු අත්අඩංගුවට ගත් බව ඉරට්ට පෙරියකුලම් පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 14 සහ 17 වයස්වල පසු වන ඉරට්ට පෙරියකුලම් ප්‍රදේශයේ පදිංචි සිසුන් පිරිසකි.
එම පහර කෑමට ලක්ව ඇත්තේ අවුරුදු 15 වයස ඇති සිසුන් දෙදෙනකු වන අතර ඉරට්ට පෙරියකුලම් වැව අසලදී එම පහරදීම සිදුකර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පහර කෑමට ලක් වූ සිසුන් දෙදෙනා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd