අප්‍රේල් මස අවසන් වීමට පෙර ගොවීන්ට වන්දි ලබා දීමට සහ පොහොර සහනාධාරය ලබා දීමට රජයට නොහැකි වුවහොත් තමන් මේ වනවිට දරණ පළාත් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් එළැඹෙන මැයි පළමුවැනිදා ඉල්ලා අස්වන බව රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දන්වයි.
රසායනික පොහොර භාවිතය නතර කිරීම නිසා වගා හානි වූ සහ අස්වැන්න අඩු වූ ගොවීන් මේ වනවිට අන්ත අසරණව සිටින බවත් ඔවුන්ට ලබා දෙන බවට පොරොන්දු වූ වන්දි අලුත් අවුරුදු සමයට පෙර හෝ අප්‍රේල් මස අවසන්වන්නට පෙර ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා සිය ලිපියෙන් දන්වා සිටියි. එසේම ගොවි ජනතාවගෙන් ලබාගත් අදහස් සහ යෝජනා එක් කළ කරුණු 06 ක් ද මේ ලිපියෙන් රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබේ. හානි වූ වගාවන් සඳහා වන්දි ලබා දීම සහ ඉදිරි යල කන්නේ දී කාබනික හා රසායනකි පොහොර 50% බැගින් භාවිතයට අවසර දීම ඇතුළු කරුණු රැසක් මෙයට ඇතුළත්ය.
කාබනික පොහොර භාවිතය පිළිබඳ තීන්දුවෙන් මුළු රටේම ගොවීන් අසරණ වූ බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියත් එය නොලැබුණු බවත් රාජ්‍ය අමාත්‍යවරයා සිය දීර්ඝ ලිපියේ දක්වා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොන කැටයම් දැම්මත් ඔයත් ෆේල් වෙලා ඉවරයි...!
තාම කෑවෙ නෑනේ... ඇයි හදිස්සි...!
අස්වීමේ ලිපිය අදම බාරදීලා, පොහොර නොදුන් නිසා මම අස්වුණා කියලා ගෙදර ඉස්සරහ විශාල බැනර් එකක් දමාගන්න. නැතිනම් හෙට අනිද්දා වෙනකොට මිනිස්සු ගෙදරට ඇවිත් ගල් ගහවි. මොරටු සමන්ට ඊයේ ගල් ගැහුවා.
එනපොට හොඳ නැහැ. කෙල්ල ගෙට ගනින් කිව්වලු නේද? හොර මැරකම් කරන සියලු දෙනාගේ කාලය අවසන් වේගෙන එන්නේ. දරු පවුල රැකගෙන තමතමන්ගේ කටයුතු රැකබලා ගැනීම වඩාත් සුදුසු වේ... නේද?
මේවා සංදර්ශන.. මේවාට මිනිසුන් රැවටුණු කාලේ ඉවරයි කොල්ලෝ...!
දැන් ජොගින් පාත් හදන්නේ නැද්ද?
ඔයා අස්වෙන්න එපා අනේ...!
පරාක්‍රම සමුද්‍රය වටේ දුවන්න වෙන්න ඇති.