(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අපේ ජනතාව නිරන්තරවෙන් පිඩා විදින වල් අලි ගැටළුව ගැන විෂය බාර ඇමතිවරයාට පැවැසූවිට එයා මට කියනවා ජනතාව ඉස්සරහා විරයෙක් වෙන්න එපා කියලා යැයි රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.
ඇත්තටම මම කනගාටුවෙනවා ජනතාවගේ ප්‍රශ්ණ තෙරුම් ගන්න බැරි කැබිනට් ඇමතිවරු අපේ රජයේ සිටිම පිලිබදව.
අපි ජනතාවගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට ගිහින් ඒ ජනතාවට සේවය කරන්නේ නැත්නම් ඒ මනාපයට දෙන වටිනාකම මොකක්ද .
ආණමඩුව ආසනය තුළ වල් අලි මිනිස් ජීවිත වනසන එක ඉහල ගිහින් .ඒ බව විෂය බාර ඇමැතිට දැනුම් දිම කලාම ඔහු මට කියනවා ජනතාව ඉස්සරහා විරයෙක් වෙන්න එපා කියලා .
මට හරිම කනගාටුවක් ඇති වුණා මේ තරම් බරපතල ගැටළුවක් තේරුම් ගන්න බැරි ඇමතිවරු අපේ කැබිනට් එක තුළ ඉන්න එක ගැන .අපි පත්වුනේ ජනතාව නිසා නම් ජනතාවගේ බදු මුදලින් අපිව රකිනවානම් ඇයි අපි ජනතාවට සේවය කරන්න බැරි .
ලක්ෂ 350 ක වියදමින් මහකුඹුක්කඩවල කිවුල තරුණ ව්‍යාපාරයේ 16 වැව් වාන හරහා ඉදිවුන පාලම විවෘත කිරිමේ උත්සවයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂය විනාශ කරන්න... මෙවැනි කිසිම දෙයක් තේරුම් ගන්න බැරි ගොබ්බ ඇමැතියන් වහාම පන්නා දැමිය යුතුයි. මෙයාවත් තේරුම් ගන්න බැරිනම් පක්ෂයට අබසරණම තමයි.
ඔව් ඔව් අනිත් ඇමතිවරු ජනතාවගෙ දුක දැකලා හොටු පෙරාගෙන අඩනවා.
අප්පෙ මොනවට කියනවද,අපේ ඇමතිතුමාට දැහැමි සිතක් පහලවෙලා පලාතෙ ජනතාව ගැන.කාට කියන්නද,දැන් දැන් චන්දයක් ළග එනවනෙ.