(ජේ.ඉඳුරුවගේ )
කොරෝනා නිසා හටගෙන ඇති අසීරු තත්වය සැලකිල්ලට ගෙන , රජයේ ආයතනවල සේවය කරන අනියම් සහ ආදේශක සේවකයන්ට විශේෂ වැටුප් සහනයක් සැලසීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව අනෙකුත් රජයේ සේවකයනට මෙන් අප්‍රේල් 08 දින මෙම සේවකයනට ගෙවීමට නියමිත එම මාසයේ වැටුප සමග අලුත් අවුරුද්ද සඳහා වන උත්සව අත්තිකාරම් මුදලද,කොරෝනා හේතුවෙන් ,රජයේ සේවකයනට ලබා දුන් විශේෂ නිවාඩු දිනවල ඔවුන් සේවයට නොපැමිණියද අප්‍රේල් සහ මැයි මාසවල රජයේ සේවකයනට වැටුප් ගෙවන දින දක්වා එම නොපැමිණි දින පැමිණි දින සේ සලකා අදාළ දෛනික වැටුප ලබා දීමටද තීරණය කර තිබේ.
වෙනදා අප්‍රේල් වැටුප සමග රජයේ සේවකයනට ගෙවන අලුත් අවුරුදු උත්සව අත්තිකාරම් මුදල් මෙම අලුත් අවුරුද්ද වෙනුවෙන් . නොගෙවීමට රජය තීරණය කර තිබූ අතර ඒ බව සඳහන් චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබිණ.
නමුත් ජනාධිපති විශේෂ කාර්ය බලකායේ නිර්දේශ පරිදි ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත හා මහ භාණ්ඩාගාරයේ එකඟතාව මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් එම චක්‍රලේඛය සංශෝධනය කර ඊයේ නිකුත් කල නව චක්‍රලේඛයෙන් අනියම් හා ආදේශක සේවකයනට පමනක් එම වරප්‍රසාදය හිමි කර දී තිබේ
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රජයේ ආයතනවල අනියම් - ආදේශක සේවක වැටුපට සහනයක්