IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රාජ්‍ය ආයතන වලින් සියයට හැටක් දූෂිතයි


(සුජිත් හේවාජුලිගේ)

මේ රටේ රාජ්‍ය ආයතනවලින් සියයට හැටක් දූෂිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්  රංග දිසානායක මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹදී  පෙරේදා  පැවති වැඩමුළුවකදීය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ස්වාධීනව වැඩ කිරීමට අවශ්‍ය සියලු  බලතල පනතේ පවතින  නමුත් බොහෝ දෙනෙකුට පනතේ   සංකල්ප තේරුම් ගැනීමට  නොහැකි බවද ඔහු කීවේය

මේ නීති හදපු අයටද මෙම සංකල්ප තේරුම් ගැනීමට නොහැකි වීම අවාසනාවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (8)

රාජ්‍ය ආයතන වලින් සියයට හැටක් දූෂිතයි

චමින්ද Sunday, 12 October 2025 12:12 PM

නෑ මේක මීට වඩා වැඩියි.80/= ක්ම දූශිතයි. ප්‍රාදේශීය සබා, නගර සභා කිසිම තැනක TO ට මුදල් නොදී වැඩක් කරගන්න බෑ. ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල, උසාවිය, පොලිසිය, ත්‍රිවිධ හමුදාවේම සැපයුම් අංශවල ඉහළ සිට පහළට සියලු දෙනා දූශිතයි...

:       2       17

222222222v Sunday, 12 October 2025 12:38 PM

ඉතුරු 40% ආයතනන් සම්පූර්ණයෙන්ම දූෂිත නොවුණත්, ඒවායෙත් බහුතර පිරිසක් දූෂිතයි. කතා දෙකක් නෑ...

:       1       17

සිල්වා Sunday, 12 October 2025 01:55 PM

තැපැල් ඡන්ද දිනුවේ දූෂණය නැතිකරන්න නොවෙයිද...?

:       2       6

Malika Sunday, 12 October 2025 04:04 PM

තැපැල් චන්ද අනිකුත් ඡන්ද දෙනකොට මේ දුශිතයිනුත් ඡන්දේ දුන්නා. එයාලා හිතුවේ ලොකු ලොකු දේශපාලකයින්, පාතාලයින්, අල්ලයි. එයාලා බේරෙයි කියලා. නමුත් දැන් එයාලටත් ඒ නීතීය ක්‍රියාත්මක වෙනකොට ආන්ඩුව පෙරලන්න ආපහු හොරු එක්ක හිට ගන්නවා. මොකද මෙයලටත් පැවැත්මක් ඇත්තේ හොරු හොටියොත් විතරයි. පොලිසීය ගැන කතා කරොත් ඒවායේ ඉන්නේ ලොකුම හොරු, පාතාලයෝ.

:       3       10

අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Sunday, 12 October 2025 08:08 PM

මම හිතනවා දකුණු පළාත මේ දූෂිතයින්ගෙන් කප් ගහලයි ඉන්නෙ. නීති විරෝධි ලෙස වැටුප් අරගෙන තියෙනවා. ගුරැ විභාග අසමත් ගුරැවරැන්ගෙන් අල්ලස් අරගෙන ගුරැ සේවයේ එක ශේණියෙන් විශාම යවල තියෙනවා. මේ පිළිබද අල්ලස් කොමිසමට පැමිණිලි කරල තියෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා හෙළිදරව් කරන්න. පළාත් සභා අන්ත දූෂිතයි. ඔහොම යං ඔහොම යං.

:       0       0

ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Sunday, 12 October 2025 08:33 PM

වැඩිය ඕන නෑ ඕක කියන ඔයත් දූෂිතයි කියල මම නං කියන්නෙ.

:       1       1

Lalla Sunday, 12 October 2025 10:04 PM

දූෂිත බව ඇත්ත. ඊට වැඩිය වැඩ බැරිකම. හොඳම උදාහරණය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. බදු නොගෙවන කඩ ව්‍යාපාර කොපමණ තියෙනවද? එක කොමසාරිස්වරයෙකු කියන විදියට ඔවුන් ආදායම ප්‍රකාශ කර නැතිනම් බදු ගන්න බැරිලු.විගනන නිලධාරීන් සහතික කලාට පසුව මොකුත්ම කරගන්න බැරිලු. මේ තත්ත්වය ඇත්තද? හොරුන්ට පාර පෙන්වන දෙපාර්තමේන්තුව මොකටද?

:       0       1

උකුස්සා Monday, 13 October 2025 02:47 AM

රාජ්‍ය ආයතන වල වැඩියෙන්ම ඉන්නෙ පොහොට්ටුවනෙ අහන්න දෙයක්යැ

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site