(සුජිත් හේවාජුලිගේ )
ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ,විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 19ක් මේ වසරේ මුල් මාස හතරේදී රුපියල් කෝටි 8200 ක ට වැඩි පාඩුවක් ලබා ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග මාර්ගවලින් පැවසේ .
මේ කාලයේදී වැඩිම පාඩුවක් ලබා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි.එම සංස්ථාව ලැබූ පාඩුව රුපියල් කෝටි 4500 කට වැඩිය .
මීට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 2400 ක කට වැඩි මුදලක්ද පාඩු ලබා ඇත .
කොවිඩ් ව්‍යාප්තියත් සමග රජයේ ආයතන ලබන පාඩුව වැඩි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1977 සිට ශ්‍රී ලංකාව පාලනය කළ දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙංචයියනුත්, එදා සිටි රජයයන්වල උසස් නිලධාරිනුත්... අද රට පත්වෙලා තිබෙන තත්වයට වගකිව යුතුයි... ඒකයි ඇත්ත.
තව ලොක් ඩවුන් කරන්න. පරම්පරා ගාණක් ගොඩ එනකන්...
මෙලෙස පාඩු ලබන ඇතැම් ආයතන ප්‍රධානීන්ගේ මාසික වැටුප සහ දීමනා රුපියල් ලක්ෂ 20ටත් වැඩියි නේද? මේ ගැන රජයේ අවධානය යොමු විය යුතුයි. එසේම පාඩුලබන ඇතැම් රාජ්‍ය ආයතන මගින් බෝනස් ගෙවීම සිදු කරන්නේ කෙසේදැයි රට වැසියන්ට ප්රශ්නයකි.