(මනෝප්රිය ගුණසේකර)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති ප්රතිශෝධන අයැදුම සම්බන්ධ නියෝගය හෙට (13) කොළඹ මහාධිකරණයේ දී ප්‍රකාශයට පත්කෙරේ.
ජනාධිපතිවරණ ආසන්න දිනයක බොරු රැවුල්වලින් සැරසී ගත් පුද්ගලයින් දෙදෙනෙකු සහභාගි කරවාගෙන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පසුගිය රාජ්‍ය සමයේ දී සුදුවෑන්වලින් මිනිසුන් පැහැර ගෙන ගොස් කිඹුලන් ගහන වැව්වලට දැමූ බවට අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියට අදාලව අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් හෝ ලබා ගැනීමට අවස්ථාව නොලැබී තිබිය දී දින 3ක් තුළ ඔහු ඇප මත මුදාහරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය නීති විරෝධී බව සඳහන් කරමින් නීතිපතිවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
එම පෙත්සම් විභාගය කොළඹමහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ පැවැත්වූ අතර එහි නියෝගය ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම ඇතුළට යවන්න ඕනේ. දුප්පතාට එක නීතියක්. හරිම නින්දිතයි තීරණය.
බිය නොවන්න රැවටෙන්නේ ඔබ, අප මෙන්ම සියලුම අහිංසක පුරවැසියන් පමණි. මෙම බල්ලන් නිදහසේ රිසිසේ වැජබෙනු ඇත.මෙය සියලුම පක්ෂවල බල්ලන්ට අදාලය. ඔක්කොම බැලුවද? දැන් බැරි අහිංසක ලෙඩ්ඩුන්ය.
කකියන වචන පිටකර ගන්න බැරි අමාරුවට කොච්චි කරලක් කාලා ඇති තරම් සෙම පිටකර ගන්නවා.. එයාගේ මවිල් ගහක්වත් එක විනාඩියකට අත්අඩංගුවට ගත්තද? දුප්පත් බණ්ඩාව ගෙනියන්න ආවා නම් බණ්ඩා නැත්නම්, ගැහැණු කෙනාව හරි අහිංසක තාත්තාව හරි ගෙනියනවා... බණ්ඩාට ඇවිත් පොලීසියට බාරවෙන්න කියලා...
ලංකාවේ බොහෝ විනිසුරුවන් වැඩ කරන ආකාරය ඉතා පහත් මට්ටමක පවතී. මොවුන්ගේ බුද්ධි මට්ටම ඉතා පැහැදිලිව ජනතාවට ප්‍රදර්ශනය කරන අතර සමහර විනිසුරුවන් රටටම විහිළුවක් වී ඇත. නීති විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේදී යන්තම් විභාගයක් පාස් වූ පමණින් බඳවා නොගෙන දැඩි සම්මුඛ පරීක්ෂණයකින් දක්ෂ බුද්ධිමතුන් පමණක් බඳවා ගත යුතු වේ. තවද අනිවාර්යයෙන්ම නීති විද්‍යාලයේ පාඨමාලාව මිට වඩා උසස් මට්ටමකට සකස්කළ යුතු වේ. අද සිටින බොහෝ විනිසුරුවන්ට නිවැරදි තීන්දුවක් දීමට නොහැකිය. නඩුවක් ඉක්මනින් ඇසීමට විත්තිය සහ පැමිණිල්ල නිසි ලෙස පාලනය කරමින්, ඔවුන්ගේ නීතිඥයින්ට උපදෙස් දෙමින් යම්කිසි කාලපරිච්ඡේදයක් (Time Frame) වෙන් කරනවා වෙනුවට නඩු කල්දමමින්, කාලය මරමින් රටේ විශාල මුදලක් නාස්ති කරති. පඳුරකට පයින් ගැසුවොත් පොකුරු පිටින් වැටෙන නීතිඥයන් සිටින අප රටේ බොහෝ දෙනෙකුට නඩුවක් තර්කානුකූලව බුද්ධිමත්ව ඉදිරිපත් කිරීමට නොහැකිය. නඩුවලට අඩුවෙන් කතා කර පෙනී සිටින්නට නම් අති දක්ෂයෝයි...
රෝහලත්, ගිලන් රථයත් , වෛද්‍යවරයත් රෙඩිද?
අයියෝ මෙයත් ඔක්කොම කළේ අහිංසක මිනිසුන් වෙනුවෙන් හොරු අල්ලන්න. රංජා මෙන්ම රජ්ජාද ජාතික වීරවරයෙකි. මෝඩයින්ට පමණයි....
මෙයා ඇප පිටද ඉන්නේ? මේකත් නඩුවක්ද? රටේ නීතිය වල් වෙලා. ඔන්න රවී කියනවා ගෝටාට සහයෝගය දෙනවලු. එයාගේ නඩුවටත් මොනවාද වේවි?