
(රෝෂන් තුෂාර)
වරෙන්තු ලැබ සැඟව සිටිනවා යැයි කියන හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතාගේ දේපළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයිි ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විශේෂ මෝසමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ අද ගොනු කළේය.
ඒ අනුව රාජිත සේනාරත්න මහතා නමින් ලියාපදිංචි කර ඇති කොළඹ පිහිටි රුපියල් මිලියන 30ක අධික වටිනාකමින් යුත් දේපළක් තහනමට ගැනීමට නියෝග නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම ඉල්ලා ඇත.
අදාල නියෝගය කඩුවෙල උප දිසාපතිවරයාට හා ඉඩම් රෙජිස්ටර්වරයාට ලබා ගැනීමට නියමිතය.
දිගින් දිගටම අධිකරණය මගහැර සැඟව සිටින වා යැයි කියන රාජිත සේනාරත්න මහතාට අධිකරණයෙ පෙනී සිටීමට බල කරන නියෝගයක් පසුගිය 20වෙනි දින මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ අතර එම නියෝගය ප්‍රකාරව සේනාරත්න මහතාට ලබන 29 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇත. දේපළ තහනම් කිරීමට අදාළ මෝෂම අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිය ගණනක් මිනිසුන් මරාදමපු බිලියන දහස් ගණනක් ආර්තික හානියක් කරපු නානා, කන්ටේනර් හොරු, හොර ඔප්පු හදාපු අය, ගල් අඟුරු හොරු සහ සීනි හොරු නම් සැපසේ ඉන්නවා. ඔවුන් කලට වෙලාවට පැලවත්ත අරමුදලට පගාව ගෙවන්න ඇති...
ඉතාම හොදයි... මෙයා නැතිනම් මෙයාගේ වයිෆ්ව අත්අඩංගුවට ගන්න බැරිද?