(නිමන්ති රණසිංහ සහ මනෝප්‍රිය ගුණසේකර )
සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළ සිද්ධියේ තෙවැනි සැකකරු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළේය.
කොළඹ මහාධිකරණය මගින් අද (13) පෙරවරුවේ ලබාදුන් ප‍්‍රතිශෝධන ඇයැදුම්පත‍්‍ර නියෝගයකට අනුව සැකකාර රාජිත සේනාරත්න මහතාගේ ඇප ප‍්‍රතික්ෂේප කළ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන එලෙස එලෙස නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ මහාධිකරණයේ තීන්දුව අධිකරණයට දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරිය රහස් පොලිසියට අදාළ නියෝගය නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අහිංසක මිනිහෙක්... ඔය හදන්නේ පලිගන්න.
තවත් නාටකයක් රඟ දැක්වීමට නියමිතය. සියලුම පාටපාට කැට රැගෙන සියල්ලෝම පැමිණෙත්වා.. නොමිලේ බඩ පිරෙන්න වොයිස් කට් දෙනු ලැබේ.. අවසානයේ සත්ගුණවතා සියලු වැරදිවලින් නිදොස් කොට නිදහස් කරනලදී.. නිගමනය වනුයේ සියලුම අහිංසක පුරවැසියන් නැවතත් රැවටෙන ලදී.. එබැවින් ළඟ එන බූරුවන් තෝරාගන්නා තරගයේදී මෙවැනි අය නැවතත් මහා ඉහළින් තෝරා දියවන්නාව හරක් පට්ටියට පත්කර ගැනීම ඉතාමත් ඥාණාන්විත තීරණයක් බැවින් සියල්ලෝම මෙම තක්කඩි හැත්ත ශ්‍රී ලංකා මාතාවගේ මහජන නියෝජිතයන් ලෙස පත්කර ගනිත්වා.. අපගේ මාතෘභූමියට සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ලැබේවා...!!!