(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම නගරයේ දී පහරදීමකින් පසු බසයකට යට වී පුද්ගලයකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරියැයි වැලිගම මූලස්ථාන පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු අද අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
පහරදීම සිදු වු අවස්ථාවේදී මෙම කොස්තාපල්වරුන් දෙදෙනා එම ස්ථානයෙන් ගමන් කර ඇති බවද ඉන් අනතුරුව අදාල පුද්ගලයා බිම වැටී සිටිය දී බසයට යට වී ඇතැයි ද කියති.
කෙසේ වෙතත් මෙම සිද්ධියේ සම්පූර්ණ සී.සී.ටී.වී.දර්ශන පොලීසිෙ රැගෙන ගොස් එහි මුල් කොටස මකා දමා ඇති බවට මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන අතර ඒ පිළිබඳවද විශේෂ පොලිස් කණ්ඩායමේ අවධානය යොමු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd