(රංජන් කස්තුරි)
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ හිටපු රේගු අධ්යක්ෂ ජනරාල් පී එල් එස් චාල්ස් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් හෙට (05 ) කොළඹ මුදල් අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතය.
එම සාකච්ඡාවේදී හිටපු රේගු අධ්යක්ෂ ජනරාල්වරිය පත් කරන ලෙස ඉල්ලා රේගු වෘත්තීය සමිති ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට විසඳුමක් ලැබෙනු ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත් චාල්ස් මහත්මියට කිසිසේත් නැවත රේගු අධ්යක්ෂ ජනරාල් ධුරය ලබා දීමක් ගැන එහිදී සාකච්ඡා නොවනු ඇති බව ද ඇයට මහා භාණ්ඩාගාරයේ ඉහළ තනතුරක් ලබා දීමට එහිදී මුදල් අමාත්‍යවරයා යෝජනා කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එතුමිය එම තනතුරේ කළ වරද කුමක්ද? කුහක දේශපාලන තීන්දු ගන්නේ කවුද?
ඔබතුමිය අසාධාරණයට එරහිව නිර්භිත තිරණයකට ආවොත් ආයෙ දෙකක් නැහැ...... ජනාධිපති වරණයට ඉල්ලුවත් දිනනවා.
මාසෙකට දෙකකට ඒ තනතුර දීලා, තමන්ට ඕනදේත් කරගෙන, වැඩේ අමතක උනාට පස්සේ එලවන්න නේද යන්නේ? කවුද ඔය මොලේ දුන්නේ සුත්තර පුන්ච නේද? අපිට හිතුන, සජිත්ටත් අඹරන්න යන්නේ ඔය ගුලියමනේ?
ඔබතුමිය වෙන තනතුරක් ලබාගැනීම රේගු නිලදාරීන්ගේ වෘත්තීය සටන පාවාදීමක් වෙනවා. ඔබව වෙන ස්ථානයකට පත්කර නැවත මාරු කලොත් ඔබ වෙනුවෙන් සටන් කිරීමට කෙනෙක් නැතිවෙනවා. මේවා පොලිට්‍රික්ස්. රේගු නිලදාරීන්ගේ සටන නිකමෙක් රේගු අධ්‍යක්ෂක කිරීම සම්බන්ධවනම් ඔබලාගේ සටන ඉල්ලීම ලැබෙනතුරු ගෙනයා යුතුය. තීන්දු තීරණ පමණක් දියහැකි කෙනෙකු ඔය තනතුරට දා ගන්නේ දේශපාලුවන්ට උවමනා කටයුතු කරගැනීමටය. යහපාලනයේ අය මොකද කටපියාගෙන ඉන්නේ.
ඔහෙලගෙ නායකයා පරදී පරදී ජනතාව ප්‍රතික්ෂේප කරද්දීත් එකේම එල්ලිලා ඉන්නවනම් රජයේ නිලධාරීන්ට විතරක් මේ වෙනසක් මොකද, ආසාවටද හොඳ කෙනෙක් නම් තවතවත් සේවය ලබන්නේ නැතුව අලුත් තැනකට යවන්නේ ? එහෙම නැතිනම් ලඟදි රේගුවේ ඇස් වහල, අපටත් කොලේ වහල හොරබඩු තොගයක්වත් රටට ගෙනෙන්න හිතාගෙන ඉන්නවද?
මෙතුමියට වෙන තනතුරක්දීලා ශේප්කරගෙන වංචාවට දක්ෂ හෙංචයියෙක්දාල දිගටම ජාවාරමකරගෙන යන්න තමයි සැලසුම...රේගු වෘත්තීය සමිතියේ වැඩවර්ජනයට මෙය විසඳුමක් නොවේ.
එහෙම කලාම අර කරුංකා , ගම්මිරිස් ප්‍රශ්න හරියනවද? බි එම්ඩබ්ලිව් විමර්ශන වගේ දේවල් වලින් රජයට හිමිවිය යුතු බදු අය කරගන්නවද?
තමන්ගේ පෞද්ගලික න්‍යාය වලින් බැහැර රටට ජාතියට පමණක් ආදරය කරන සැබෑ ජන නායකයකුගේ අවශ්‍යතාව දැන්වත් ජනතාවට තේරුම් යායුතුයි. සමෘද්ධි මල්ලේ බර අනුව දේශපාලකයා තෝරන අමන සම්ප්රදාය නැවැත්විය යුතුයි.
නිකන් නැති ප්‍රශ්න හදාගෙන මේ ආණ්ඩුව තරම් දක්ෂයෝ ටිකක් ලෝකේ කොහේවත් නැතුව ඇති..
අවුරුදු හතරකට පහකට බලයට පත්වන දේශපාලුවන්ට රජයේ නිලධාරින්ට අසාධාරණ ලෙස බලපෑම් කිරීමට නොහැකිවන ලෙස නීතීරීතී සකස්කිරීම කාලීන අවශ්‍යතාවයකි.
වහා හිටපු තනතුරේ පිහිටවන්න
මෙහි අදහස් ඉදිරිපත් කල අය ගැන සන්තොසයි. මමත් දෙමල හිටපු රජයේ සේවකයෙක් ලෙස කියන්න තියෙන්නේ මේ රටේ වැඩියෙන්ම ඉන්නේ හොරු සහ හොරුන්ට කඩේ යන අය. අපිට මේ රට ජීවත් වෙන්න සුදුසු රටක් නොවේ
අපිට මේ රටේ ජීවත් වෙන්න සුදුසු රටක් නොවේ කියන්න එපා. ඔය හොරු මේ රටේ තියා ගන්න සුදුසු නැහැ කියන්න. මේ පාට හොරු නිසා අපි මොකටද රට හැර යන්නේ.