
(ගයාන් සූරිය ආරච්චි)
රාගම, කිරිමැටියාන ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ ටී 56 වර්ගයේ ගිනි අවියක් දමා ගොස් ඇත්තේ දැනට විදේශ රටක සැඟව සිටින දික්පිටිගොඩ ලහිරු නැමත්තාගේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඝාතනය කිරීම සඳහා බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
එම මෝටර් රථය රාගම කිරි මැටියාන ප්‍රදේශයේ දමාගිය එහි රියදුරු වශයෙන් කටයුතු කළ සැකකරුවෙක් හෙරොයින් ග්‍රෑම් 11 ක් සහ මිලිග්‍රෑම් 65 ක් සමග කිරිබත්ගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 37 පුද්ගලයෙකි.
රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ බස්නාහිර උතුර විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට සැකකරු මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන පොතුපිටිය කංකානම්ගේ ප්‍රසිත් දිනුක නොහොත් දික්පිටිගොඩ ලහිරු නැමත්තාගේ ගෝලයකු බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
එම ඝාතනය සඳහා මෝටර් රථයේ රියදුරු සමග වෙඩික්කරුද එදින පැමිණ තිබූ අතර වෙඩික්කරු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් ඔහු වෙඩි තැබීමට නොහැකි තත්ත්වයක පසු වී තිබූ බවත් අනතුරුව සංවිධානාත්මක අපරාධකරුවකු වන දික්පිටිගොඩ ලහිරු නැමත්තාගේ උපදෙස් පරිදි මෝටර් රථය සහ ටී පනස් හය වර්ගයේ ගිනි අවිය එම ප්‍රදේශයේ දමා ගොස් තිබූ බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාගමින් හමුවූ මොටර් රථය සහ ගිනි අවිය ගැන තොරතුරු එළියට