(මහින්ද නිශ්ශංක)
රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධව ආණ්ඩුවෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීම නිසා රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගය දැඩි කිරීම සඳහා රේගු වෘත්තීය සමිති සන්ධානය අද (4) රැස්වී ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බව රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා මහතා පැවසීය.
ඉකුත් 30 වැනිදා ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අදට දින හයක් ගතවේ.
කිසිදු හේතුවක් නොදක්වා ජාවාරම්කරුවන්ගේ බලපෑම් මත රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කරන ලද චාල්ස් මහත්මිය නැවත සේවයේ පිහිටුවන තුරු මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය අඛණඩව කි‍්‍රයාත්මක කරන බව උප ලේකම් සුදත් ද සිල්වා මහතා පැවසීය.
දිනකට වරායෙන් කන්ටේනර 1500ත් 2000ත් අතර සංඛ්‍යාවක් නිෂ්කාශණය කරන නමුදු වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතූවෙන් එම සංඛ්‍යාව දිනකට 100ත් 150ත් අතර සංඛ්‍යාවක් දක්වා පහත වැටී ඇති බවත් පවසන ඒ මහතා වරායේ පමණක් කන්ටේනර් 2000කට අධික සංඛාවක් ද ඊට අමතරව ඔරුගොඩවත්ත සහ තොටලග කන්ටේනර් අංගන වලද විශාල සංඛ්‍යාවක් ද කන්ටේනර් ගොඩ ගැසී ඇතැයිද පැවසීය.
මුදල් ඇමති මංගල සමරවීර මහතා ගැටළුවට විසඳුමක් නොදී කැබිනට් එකට බොරු කරුණු ඉදිරිපත් කර කැබිනට් එක නොමඟ යවා ඇති බවත් පැවසු සුදත් ද සිල්වා මහතා මුදල් ඇමැතිවරයා කැබිනට් එකේදී පවසා ඇති කරුණු බොරු කරුණූ බවට ඔප්පු කිරීමට රේගු වෘත්තීය සමිති සුදානම් බවද පැවසීය.
රේගු නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති අමිල සංජීව මහතා කියා සිටියේ ඉදිරි ක‍්‍රියාමාර්ග සඳහා දේශිය ආදායම් දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව ඇතුළු අනිකුත් වෘත්තිය සමිතිවල සහය ලබාගෙන පුළුල් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට රේගු වෘත්තීය සමිති සන්ධානය පියවර ගෙන තිබෙන බවත්ය.
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රේගු වෘත්තිය සමිති හෙට රැස් වෙති
Lal Sunday, 03 February 2019 07:52 AM
රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවත සේවයෙහි පිහිටවන තුරු ජාවාරම් කරුවන්ටත් ඔය ඇමතිටත් යටනොවී රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගය දැඩිකර සටන ජයගන්න සියළුදෙනාට ශක්තිය හා ධෛර්යය ලැබේවා.!
sam Sunday, 03 February 2019 08:23 AM
රේගුව, ලංකාවේ දූෂිතම ආයතනය නොවේ නම් දූෂිතම ආයතන දෙකතුනෙන් එකක්. වර්තමානයේත් එහි දූෂිත බවේ කිසිම අඩුවක් නැහැ... හොර සිගරට් ලොරියක්ම රේගුවෙන් නිදහස් වෙලා එනකොට අල්ලා ගත්තේ පෙරේදා හෝ පළමුදා නේද? තමන්ට බඩේ පාර වැදීම වළක්වා ගැනීමට හෝ දේශපාලන වුවමනාවන් සඳහා මිසක් රටේ යහපත වෙනුවෙන් කවුරුන් හරි වර්ජනය කර තිබෙනවාද?
Asanka Sunday, 03 February 2019 09:52 AM
ලංකාවේ හොඳම හොරුටික සේරම එකතුවෙලා හොරකම රජ කරවන්න අර අඳිනවා. මේ පිටුපස කාගේ කාගේත් බළල් අත් ඇති බව නම් අපට හිතාගන්න පුළුවන්... ඔය ගුවන්තොටුපල ආගමන, විගමන නිලධාරිනුත් පහුගිය කාලේ වර්ජන කලේ කැමරා පද්ධතියක් සවි කිරීමට විරුද්ධවයි. මොවුන් සේරම එලවල සුදුසුකම් ඇති තරුණයෝ බඳවාගන්න ඕනෑ. කොන්දක් ඇති නායකයෙක් ඉන්නවා නම් රටේ......
MaheeSunday, 03 February 2019 07:47 PM
මන්ද බුද්ධිකයන් සිටින තුරු දේශපාලක හොරුන්ට හිතේ හැටියට රජකම් කරන්න ඉඩ ලැබී තිබෙන බව නම් අපට පේනවා. මංගලගේ ලේකම්ලා, අර කුප්‍රකට වන නාශක ඇමතිගේ මල්ලිලා හොර මගඩිවලින් රටේ ආදායම ගසා කන එක හරියි කියන එකනේ ඔය වෙන වචනවලින් කියන්නේ. පක්ෂ, පාටවලින් නෙත් අන්ධ වී සිටින ඔබ වැන්නන් සිටින තුරු දෙපැත්තේම හොරු ටික අගේට රජ කරයි.
sandy123 Sunday, 03 February 2019 10:24 AM
දේශපාලකයන්ගේ පහත් දේශපාලනය නිසා රටේ සියලුම පුරවැසියෝ වන්දි ගෙවනවා. කැබිනෙට්ටුවේ ඉන්න ඔල මොට්ටලයන්ගේ ජඩ වැඩ ගැන වටහා ගැනීමට දේශපාලන මන්ද බුද්ධික වන්දි භට්ටයන්ට නැණ නුවණ පහළවේවා! ඒ එක්කම කියන්න තියෙන්නේ ඔබලාගේ ගැති බව නිසා පොදු මහත් ජනතාවම දුක් විඳින බව නොපෙනේද? කන්ටේනර් සිර වීමෙන් භාණ්ඩ හිඟවීමක් වගේම භාණ්ඩ නරක් වීමක් සිදුවෙනවා. මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඔවුන්ගේ අලාභය පාරිභෝගික ජනතාව වෙත පටවනවා. තැලෙන යකඩය හැමෝම එකතුවෙලා තවතවත් තලනවා. අම්බරුවන්ගේ සුඛ විහරණයට අපි මිරිකෙනවා.
RaveendraSunday, 03 February 2019 03:39 PM
sandy123 මයාවෙත, ඔබගේ වැදගත් අදහස් අප අගය කරන්නෙමු. ඇත්තෙන්ම "මහජන නියෝජිතයන් යයි කියාගන්න බූරුවන් " වංකකමේ හිමි පැත්තටම පැමිණි ඇති බවත් ඒ සමගම එම බූරුවන්ගේ වංචනික ක්‍රියාවලියන්ට, හොරකමට හොඳින් උදව් කරමින් තමන්ද " හොරකමේ යෙදෙන නිලධාරී බල්ලනුත්" සිටීම මොන තරම් අභාග්‍යයක්ද? මෙවන් පාදඩ නිලධාරින් අතරේ අවංක නිලදරුවන්ට කෙසේ හෝ කොන්ද කෙලින් තියාගෙන වැඩකිරීමට ඉඩ නොදෙන මෙම අමනයන් මෙම ආයතනයේ පමණක් නොව සෑම රාජ්‍ය ආයතනයක්ම සිටින බව නොරහසකි. මෙම දූෂණ කෙල පැමිණි දේශපාලන බූරුවන් සහ නිලධාරි අමනයන් සෑම දෙයක්ම හොරකම් කලාක් මෙන් වැලිගම් බලා යන දවස තම තමන්ට හොරකම් කිරීමට හැකි බව සිතමින් සිහින මවන්නෝය. මහජන මුදල් වංචා කල එකා මිය යන්නේ අනේකවිධ දහදුක් විඳ, අනේකවිධ ලෙඩ රෝගවලට ගොදුරු වී බව අතීතයෙන් අප සියල්ලන්ටම ඕනෑතරම් උදාහරණ ඇත.
Athula Sunday, 03 February 2019 02:31 PM
ජනතාව වන අපට තියෙන ප්‍රශ්නේ වන්නේ චාල්ස් මහත්මියව මාරු කරනවද? නැද්ද? කියන එක නෙමෙයි, අර ජාවාරම් කාරයන්ට කව්ද නීතිය ඉදිරියට ගේන්නේ...?
පිටිගල මිලානෝ Sunday, 03 February 2019 10:35 PM
අපිට රේගුව සුළු-ආබාධිත රණවිරුවන්ට සහ නවක උපාධිධාරීන්ට රැකියා දෙන තෝතැන්නක් කරගන්න පුළුවන්. අදාළ බලධාරීන් මේ ගැන සොයා බලන්න.
සංක Monday, 04 February 2019 02:42 AM
එකෙක් රකින්න බහුතරයකගේ රස්සාවලට පහර එල්ල කිරීමක් මේක... ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන කවුරුත් නෑ. වරාය තුල වැඩිම අල්ලස් ගන්නා ඔවුන් සුදනන් වෙන්න බෑ. ඒක විහිලුවක්...
theshanMonday, 04 February 2019 07:19 AM
සංක, ඔබතුමා වරායට අඩුගානේ එක පාරක් ගියානම් රේගුවෙන් වෙනසේවය මොකක්ද කියලා අඳුරගන්න තිබුණා. අහි දැවැන්ත කාර්යභාරයක් මොවුන් කරන්නේ, චාල්ස් මහත්මිය ඉවත් කරන්න හදන්නේ ජාවාරම්වලට ඒ මහත්මිය බයවෙන්නේ නැතුව වැඩ කරපු නිසා...
Pandith Monday, 04 February 2019 10:36 AM
මේ රේගුවේ ඉන්න ලොකු ලොක්කෝ සහ ඉහළ නිලධාරීන් රජයේ සමස්ත බදු අදායමෙන් 1/3ක් විතර හොරපාරෙන් සාක්කුවේ දමාගන්නවා. මේක අද ඊයේ ඉඳන් නෙමෙයි. මේක කවුරුත් දන්නා රහසක්... මේ අයගේ පරම්පරා හතක්ම ගොඩ මේ රස්සාව නිසා... රජය වහාම දැඩි තීරණයක් අරගෙන මේ රේගු වෘත්තිය සමිතිවලට ඕන විදියට නටන්න දෙන්න එපා... රේගු අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට මේ හොරකම් නවත්තලා දැඩි තීරණ ගන්න පුළුවන් කෙනෙක් වහාම පත්කරන්න.
theshanMonday, 04 February 2019 11:16 AM
එහෙම කෙනෙක්ව තමයි පත්කරලා තියෙන්නේ. අනිත් එක දැඩි තීරණ ගන්න ඕනෑ කියලා විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්ව පත්කරන්න බැහැ. මොකද මෙවැනි තනතුරකට පත් කරන්න නියමිත ක්‍රමවේදයක් තියෙනවා. මේක පළමුවැනි ශ්‍රේණිය යටතේ තිබෙන තනතුරක්...
theshanTuesday, 05 February 2019 07:31 AM
මේක පරිපාලන ක්ෂේත්‍රයේ 1 ශ්‍රේණිය යටතේ තිබෙන එකක්. ඒ නිසා හිතුන හිතුන කෙනාව පත්කරන්න බැහැ.