
(අංජුල මහික වීරරත්න)
වන රක්ෂිතවල හටගන්නා කොස් ඵලදාව නෙලා ගැනීමට වනාන්තරයට ඇතුළු වීම සඳහා මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම වන ජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.
වනාන්තර වල වැවෙන කොස් සහ දෙල් ජනතාවට නෙළා ගැනීම සඳහා අවසර දීමෙන් පවතින ආහාර අර්බුදයට යම් සහනයක් ලැබෙන බව ද අමාත්‍යවරයා වන සංරක්ෂණ නිලධාරීන්ට පැවසීය.
වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර 3000 ක් පමණ දිවයින පුරා තිබෙන බවත් එම ඉඩම් වල හට ගන්නා කොස් ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගස් යට වැටී කුණුවී යන බවත් වන සංරක්ෂණ නිලධාරීන් මෙහිදී අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගා සංග්‍රාමයක් පටන් අරන් මිනිස්සු දිරිමත් කරනවා වෙනුවට දීපු උපදේසය බලන්නකෝ. පොල්පිත්තෙන් කපාගන්න පුලුවන් ඇමතිලා
හොද අඩහසක් ැටිල කුනු වෙල යනව, මන්ද පෝශනයට කොස් හොදම අාරයක්
අතීසාරෙට අම්මුඩ ගහනව කියන්නෙ මෙන්න මේ වගේ ඒ්වට.
රක්ෂිතෙත් කන්න වගේ හදන්නේ...!