
(ශාන්ත රත්නායක)
අසාධාරණයට පත් රැකියා නොලැබුණු සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දිමා කඩිනම් කරන ලෙසත් 2020 රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවලට කඩිනම් විසදුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය සංවිධනය කළ පා ගමන හා උද්ඝෝෂණයක් අද 22 පැවැත්විය.
එය කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිපිටින් ආරම්භ කළ පා ගමන ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණ ජනධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිතර වූහ .
එහිදී පොලිස් නිලධාරීන් හා රැකියා විරහිත උපාධිධාරීන් අතර ඉතා උණුසුම් කාරී තත්වයක් ඇති විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්න එපා. පොඩ්ඩක් ඉවසන්න. තවම සෞභාග්‍යය ඉතිරිලා නෑ.
ජෙප්පන්ගේ තවත් ව්‍යාපෘතියක්. මේ ලෝකෙට එන්න නොමිලේ පහසුකම් සැලැස්සුවා , නොමිලේ ඉගැන්නුවා, දැන් රකියාවලුත් හොයලා දෙන්නලු..
ප්‍රාථමිකයේ පටන් විශ්ව විද්‍යාල මට්ටමටම උසස් අධ්‍යාපනයක් නොමිලේම ලබා දීලා උපාධියකුත් ලබා ගත්තට පස්සේ රැකියා ලබාදියව් කියා රජයටම බල කරන පිරිස් ඉන්නේ ලංකාවේ පමණයි මම දන්න විදියට. පෞද්ගලික අංශවල රැකියා අවස්ථා ඕන තරම් තියනවා, දක්ෂයින්ට. හැබැයි ඉතිං වැඩ කරන්න ඕන... රජයේ රැකියාම ඉල්ලන්නේ පිං පඩි ගන්න බලාගෙන ඉන්න අය තමයි. ඒ කාලේ අපිත් ඔය විදියට කලා නම් අද රාජ්‍ය සේවයේ පල් වෙවී ඉන්න තිබුණා. හොඳ වෙලාවට පෞද්ගලික අංශයේ රැකියාවකට ගිහින් අදවන විට ඉතාමත් හොඳ තත්වයක ඉන්නවා..
මේ උදවියම තමා බෝඩ් උස්සාගෙන රටේ රැකියා ජනනය කරන විදේශීය ආයෝජන එනවාට විරුද්ධ වෙන්නෙත්.
මේ රජයේ රැකියා ලබා නොදිය යුතුම පිරිසකි අවුරුදු 45 වෙනකල් ගෙදරට වෙලා ඉන්නේ ඇයි ආණ්ඩුවේ රස්සාවක්ම කරන්න. මෙයාලාට රස්සාව දුන්නාත් බහුතරයක් කරන්නේ අයිස් ගහන එක රජයේ පරිපාලන කේෂ්ත්‍රයේ කඩාවැටෙන්න ප්‍රධානතම හේතුවක් පත්වෙන ආණ්ඩු වලින් ඡන්දේ ගන්න මේවාගේ කට්ටියට රැකියා දෙන එක