(ඩයනා උදයංගනී)
තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංගා හතරක් ආශ්‍රිතව ගං වතුර අවදානමක් මතුව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කැලණි, කළු, ගිං, නිල්වලා ගංඟා ආශ්‍රිත පහත්බිම්වලට සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය.
ඒ අනුව කැලණි ගංඟා ද්‍රෝණියේ රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, ගිං ගඟ ද්‍රෝණියේ නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය, නියාගම, බද්දේගම, වැලිවිටිය, දිවිතුර, කොටපොල, බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, නිල්වලා ද්‍රෝණියේ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, දෙවිනුවර සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඇතුළු පහත්බිම්වල ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බවද ඔහු සඳහන් කළේය.
මීට අමතරව කලු ගඟේ ජල මට්ටමද ඉහළ යමින් ඇතැයි ඔහු කීවේය.
තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංගා හතරක් ආශ්‍රිතව ගං වතුර අවදානමක් මතුව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැලණි, කළු, ගිං, නිල්වලා ගංඟා ආශ්‍රිත පහත්බිම්වලට සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය. ඒ අනුව කැලණි ගංඟා ද්‍රෝණියේ රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, ගිං ගඟ ද්‍රෝණියේ නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය, නියාගම, බද්දේගම, වැලිවිටිය, දිවිතුර, කොටපොල, බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, නිල්වලා ද්‍රෝණියේ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, දෙවිනුවර සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඇතුළු පහත්බිම්වල ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බවද ඔහු සඳහන් කළේය. මීට අමතරව කලු ගඟේ ජල මට්ටමද ඉහළ යමින් ඇතැයි ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd