(නිමල කොඩිතුවක්කු)
යහපාලන ජාතික රජය යටතේ පසුගිය වසර 04ක කාලය තුළ සිදුවූ දූෂණ, වංචා හේතුවෙන් ආර්ථික, සමාජීය සහ ප්රජාතාන්ත්රවාදී යන සෑම අංශයකින්ම රට කඩා වැටී ඇති බවත් මෙම තත්වයට අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ මැතිඇමතිවරුන් වගකිව යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස මහතා කොළඹදී අද(01) පැවැසීය.
රට යළි ගොඩ නැගීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලනයට එරෙහි පුළුල් විද්වත් කථාකාවක් ගොඩ නැගිය යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
කොළඹ සෙමා ගොඩනැගිල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස මහතා මෙසේද කීය.
“මේ දිනවල රටේ ඉතාම දරුණු ආර්ථික අර්බුදයක් තියෙනවා. මාසික වැටුප් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීම පවා ප්‍රශ්නයක් වන තරමට රටේ ආර්ථික අර්බුදය උග්‍ර වෙලා.
රුපියල අවප්‍රමාණය වෙනවා, ආර්ථිකය කඩා වැටෙනවා. අනික් පැත්තෙන් වංචා, දූෂණ සම්බන්ධයෙන් විශාල චෝදනා එල්ල වෙමින් තිබෙනවා. මේ සියල්ලම ගෙවී ගිය වසර 04 තුළ සිදුවූ දේවල්.
රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ යහපාලන ආණ්ඩුවක් ගොඩනැගුණා. මහ බැංකු මංකොල්ලය නිසා ඒ තිබුණු ප්‍රර්ථනා සියල්ලක්ම පහුගිය දින 100 ආණ්ඩුව ඇතුළත බිඳ වැටුණා. මේ අර්බුද නිර්මාණය වෙන්න පටන් ගන්නේ මෙතනිනි.
ඒක දේශපාලන අර්බුදයක් ලෙස වර්ධනය වෙලා පසුගිය ඔක්තෝම්බර් මාසයේදි ජනාධිපතිවරයා අග්‍රාමාතය ධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත්කරමින් රටේ පරිපාලන බලය මාරු කරනු ලැබුවා. එයින් සිදුවූ ව්‍යවස්ථා අර්බුදය අපි දැක්කා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලීසිය පවරා ගැනීමෙන් පසුව සෑම දිනකම මත්ද්‍රව්‍ය, හෙරොයින් වැටලීම් කරන්න පටන්ගෙන තියෙනවා. රටට පිටි, ධාන්‍ය ගේනවා වගේ මහා පරිමාන හෙරොයින් තොග පොලිස් භාරයට ගනිමින් තිබෙනවා.
ව්‍යවස්ථාව පිළිබඳව, 19 වන සංශෝධනය පිලිබඳ කථිකාවක් දැන් රටේ මතුව තිබෙනවා. ජනාධිපතිවරයාත් මේ සම්බන්ධයෙන් පැහැදිලිවම ඔහුගේ ස්ථාවරය ප්‍රකාශ කලා.
රටේ ඉතාම බරපතල විශමතාවයක් ඇති වෙලා තියෙනවා. මේ විෂමතාවය අපරාධවලට, සංස්කෘතියට, සමාජ අපචාරවලට බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. මේ පිළිබඳ වගේ වගක් නැතුව ආණ්ඩුවේ ඇමතිවරු කටයුතු කරනවා. මේ පිළිබඳ විචාරශීලී මතවාදයක් අවශයයි. ඒ මතවාදය ගොඩනැගීමට රටේ සියලුම විද්වතුන්, බුද්ධිමතුන් කැපවිය යුතුයි” යැයිද ඔහු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොළපාට ගවයන්ට විතරමද වගකීම තිබුනේ ? නිල් පාට ගවයන් " කෙසෙල් පදුර දැකල අහක බලාගෙන " තණ පිටියට ගිහින් තණකොළ උලා කෑව විතර ද ??? අනේ මන්ද ඔය ආචාර්ය පට්ටම කෙසෙල් දල්ලක ලියල දුන්න පට්ටමක් ද කියා..??? නැත්නම් රා ඉස්කෝලෙකින් ලැබුණ එකක්ද කියල...අපට නම් හොදින් වැටහෙන කරුණ නම් 225 ක් වූ ගව රැලම වගකීම බාර ගතයුතුබව . තේරුණාද ඔහෙට..
ඔබ උගත් පුද්ගගයෙක් වෙන්න ඇති... හැබැයි ඒ බව පේන්න නැහැ.... යහපාලනයට වැඩ කරන්න නොදී මුල ඉදලා කකුලෙන් ඇද්දා.... ආණ්ඩුවේ සිට සියලුම වරප්‍රසාද විදිමිනුයි මේ වගේ වැඩ කලේ....
එහෙම කියලා නිකන් බේරිලා යන්න දෙන්න එපා.
හලෝ ඔය කියන කැබිනට් එකේ ප්‍රධානියා කවුද? කෑගහලා බලන්නකෝ...
සිරා සහ ජෝකර්ස්ලා
යහපලනේ විතරක් නෙමෙයිද හලෝ ? එයත් වගකියන්න ඔන. තමුන්ට වඩා දුර්වලයෝ පත්කරගෙන රටම විහිලුවක් කරා.
මහබැංකු හොරු අල්ලන්නේ නැත්තේ ඇයි?
ඕකට විද්වත් කතිකාවක් මොකටද? මෝඩ පහේ ඡන්ද දායකයෙක් හැටියට කෙටියෙන් කියන්නන් කෝ: හැම ආණ්ඩුවකම රුපියල කඩා වැටුන මිසක් අගය වැඩි උනේ නැහැ (දින පනස් දෙකේදී අන්තිමටම වැටුණ), මහා බැංකුවට හොරෙක් පත්කිරීමේ ගොන් කම ඇරෙනකොට, දිගින් දිගටම සහ සංවිධානාත්මක අපරාද කල්ලිවලට සම්බන්ද වීමක් ගැන චෝදනාවක් නැහැ, උදාහරණයක් හැටියට සිරියල් ස්ත්‍රී දුෂකයින් ගේ පාටි වලට සම්බන්ද වීම, පොලිස් නිලධාරීන් මහා පාරේ ගුටිකෑම, සැක කාරයෝ ආයුධ හොයන්න ගෙන යෑම්, සුදු වෑන් වලින් අතුරු දහන් වීම, මාධ්‍ය කරුවන්ට ජිවිත අහිමිවීම්, කැලේ ඉන්න අලි අම්මලාට ජිවිත අහිමිවීම ආදිය දැන් නැහැ, මහා පරිමාන කොමිස් කෑම, රාජ්‍ය දේපල අව බාවිතය ගැන චෝදනා නැහැ, අද කුඩු කාරයෝ වටලනවා අල්ලනවා නමුත් පාලන පක්ෂයේ කව්රුවත් හෙලිකොප්ටරෙන් තියා පයින්වත් යන්නේ නැහැ කුඩු වටලපු තැන්වලට හෝ කුඩුකාරයෝ බලන්න. අද උනත් නින්දිත වැඩකට දෙසපාලුවෙක් සම්බන්දයි කියලා පත්තරේ ආවොත් ඒ මොන පක්ෂෙද කියලා අහන්න දෙයක් නැහැ, විද්වත් කමිටු කෙසේවෙත්තත් උගතෙක් හැටියට ඔබතුමා අඩිය ගහගෙන ඉන්නේ හරිතැනද බලන්න. කැතම කැත කළු පාටද ටිකක් කැත අළු පාටද තෝරාගන්නේ කියන එක අපි හිතාගන්නම්.
මෙතුමා නිතරම නිදිමතෙන්ද සිටින්නේ?
එතකොට යහපාලනේ මහා කෙරුම ජනපති මොකුත් දන්නේ නැති බබාද?
මෙයා අද පාත්වෙච්ච නිට්ටෑවෙක් වගේනේ කතා කරන්නේ...
රට මේ තත්වෙට වැටෙන්න ප්‍රධාන වගකිවයුුත්තා ජනාධිපති. එ්කවත් තේරුම් ගන්න බැරි මහාචාර්ය...
ජනාධිපති ඡන්දෙ ඉල්ලනකොට කිව්වේ රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්න හොරු අල්ලනවය,. ඔවුන්ට දඬුවම් දෙනවයි කියලා.. නමුත් පරණ ආණ්ඩුවේ හිටපු මිනිස්සුන්ගෙන් 50 %ක් විතර ඇවිත් ජනාධිපතිතුමා ප්රමුඛ යහපාලන ආණ්ඩුවේ වාඩිවුණා. අනිවාර්යයෙන් අලුත් ආණ්ඩුවක් ආවත් යහපාලන ආණ්ඩුවේ හිටියා කියන හොරුන්ගෙන් 50% ගිහින් එකේ වාඩිවෙනවා. එතකොට යහපාලන ආණ්ඩුවේ හොරකම් සෙවීමක් සිදු වෙන්නේ නැහැ. චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ (94) ඉඳන් ආණ්ඩු මාරු වලින් පසු වැඩ සිදුවුනේ මේ ක්‍රමයට... මේකත් හරියට අර ජනාධිපතිවරනෙට කලින් නිතරම දීපු විධායක ජනපතික්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුවක් වගේ... මෙවැනි දේවලට විරුද්ධව සොබිත හිමි වගේ කොටසක් විරුද්ධ වුණා. අද වෙනකොට එවැනි පිරිස් අපවත් වෙලා... එහෙම නැත්නම් නැත්නම් නිහඬ වෙලා.... නැත්නම් නිහඬ කරවලා...
එතකොට ජනාධිපති සහ නිදහස් පක්ෂේ අයයි... මොකද කලේ? ඒ කාලේ පොල්ගෑවද?
මේ වගේ කට්ටියගෙන් ප්‍රශ්න අහනවට වැඩිය හොඳයි නොදරුවන්ගේ කතා අහලා සතුටු වෙනවා.. මෙයාට යහපාලනය මතක් වෙනකොට. මැරපාලනය මතක් නොවුනේ ඇයි? විශාල මුදල් ප්‍රමාණයක් වැය කෙරුවා මැර නඩේගේ පවුල්වලට... බේබිලටම කොයිතරම් මුදලක් වැයකෙරුවද? උගත්කම ලබාගන්න හිටියටත් වැඩිය මෝඩයි දැන්... අපරාද, සල්ලි, මැර නඩේ සොහොනක් හැදුවා. ගමක් ගොඩගන්න සල්ලි වියදම් කරලා මේ ගොල්ලන්ගේ සොහොනට අකුණුසැර නොවදින කුළුණු වලට සෑහෙන්න මුදලක් වෙන් කරගනියි. බලය ඇතත්, නැතත් අපේ රට ගොඩගන්න නම් උදේ පාන්දර ඉඳන් පිරිත්, බණ මේ දේවල් නතර කරන්න ඕනෑ. මේ රට හොරුන්ගෙන්, දූෂිතයින්ගෙන් මිනීමරුවන්ගෙන් පිරුණු රටක්... මොවුන් බුදුන්ටත්, කරන්නේ බොරුව.... ඒකයි මේ රටේ ජනතාව දුක් විඳින්නේ... කාලකන්නි හොර නඩේ නිසා. මුළු රටක්ම දුක් විඳිනවා..
රටට හානි කරපු අය ගිය ආණ්ඩුවේත් හිටියා.. මහාචාර්යකම් බල්ලට දාලා දේශපාලනේට කඩේයන ගොන්නුත් මේ රටේ ඉන්නවා....
මෙයා.. නම් කොකේන් ගහලා වගේ කියවන්නේ ..
ඔය ඔක්කොම තීන්දු තීරණ ගන්නකොට කැබිනට් එකේ ලොක්ක ඉන්න ඇත්තේ නින්ද ගිහින් වෙන්න ඕනේ... ලොක්කා යහපාලනෙට ඉස්සර තිබුන ආණ්ඩුවේත් කැබිනට් මණ්ඩල සාමාජිකයෙක්... අඩුම තරමේ මහබැංකු හොර ඇතුළු අනිකුත් හොරු ලංකාවට ගෙන්වාගන්න පුළුවන් වෙන්න... සිංගප්පූරුව සමග ගිවිසුමක් අත්සන් කරන්න කටයුතු නොකරන්නේ මොකද කියලා ලොක්කගෙන්ම අහන්න ඕනේ? ඉදිරියට මොන ආණ්ඩුව ආවත් ඔය මහා බැංකු හොරා අල්ලන්න බැහැ හේතුව ඔය හොරා ඡන්දේදී මහපක්ෂ දෙකටම මුදල් වියදම් කරන නිසා, ඔය කොමිසම් පත්කරන්නේ නැතුව හොරකම පිළිබඳව සාධාරණ සැකයක් තියෙනවා නම් ඔහු ලංකාවේ ඉන්නකොට අත්අඩංගුවට අරන් නඩුපවරන්න කියලා වගකිවයුතු අංශවලට විධායක බලතල තියෙන ජනාධිපතිට පුළුවන්... එහෙම කරන්නේ නැතුව බොරුවට කොමිසම් පත්කරපු නිසා වියදම් කරපු අපේ බදුමුදල් රුපියල් කෝටි 10-20ක් අතර මුදලක් අපතේ ගියා... කොමිසමේදී හොරුන්ගෙන් පගාව ගත් මුදල් ඇමති මම මුකුත්ම දන්නේ නැහැ කියලා ඇඟ බේරගත්තා.. තවම යහතින් ඉන්නවා.
පඹ ලේකම්නේ. හරියට ජී.එල් පොහොට්ටුවේ සභාපති වගේ.
ජනතාවට... වැලේ වැල් නැහැ...
හැම දේශපාලකයෙක්ම රටට කරලා තිබෙන්නේ හානියක්මයි. මහාචාර්ය පදවියක් තියාගෙන වෙනත් රක්ෂාවක් සොයා නොගෙන රට කන්නම නේද ඔබත් දේශපාලනය බදා ගත්තේ?
කිසිම සෙතක් නැහැ. ගොවියගේ පොහොර ටික හිටපු කෙනා අඩු කළා. ඒකට පොලියත් එක්ක. කෘමිනාශත මිල වැඩිකරලා අරගන්නවා.
වෙනත් රටවල් දියුණු වෙනවා. මෙහෙ කට්ටිය මොකක් හරි ඇදගෙන නානවා.
මේ මොන මෝඩ උගතෙක්ද? මෙයා රටට කරපු සේවය මොකක්ද? මේ වගේ පිස්සු ආචාර්යවරු හොඳයි විනෝද සමයට...
එතකොට 2015ට පෙර සහෝදර සමාගම හිටපු කාලේ තිබුනේ කේතුමතී රාජධානියක්ද?