(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
යහපාලන ආණ්ඩුව යනු පලිගැනීම ජාතික කලාවක් බවට පත් කළ ආණ්ඩුවක් බව පත්කළ මන්ත්‍රි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිට්ලර් හෝ ඉඩිඅමීන් වත් නොකළ ආකාරයට දේශපාලන විරුද්ධවාදීන්ගේ භාර්යාවන් හා දරුවන්ගෙන් පවා පලි ගන්න යහපාලන රජය කටයුතු කළ බවද වීරසිංහ මහතා කීය.
2015 ජනවාරි 8 වැනි දා ආරම්භ වී 2019 නොවැම්බර් 16 වැනිදා අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධාරීන් රාජ්‍ය සංස්ථා සේවකයන් සන්නද්ධ හමුදා සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට සිදුව ඇතැයි කියනු ලබන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂණ කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ සභාව කල් කල්තැබීමේ විවාදය අමතමින් වීරසිංහ මහතා මෙි බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔයා පරණ දේවල් කියවන්නේ නැතිව තමන් ආපු වැඩේ කරන්න මන්ත්‍රීතුමනි.. ඔයාලා වියත් මගේනේ... කෝ වැඩ? අපි ඡන්දෙට කළින් ඔබලා ගැන හිතුවේ ෆුල් වැඩකාරයෝ කියලා...
දැන් ඇවිල්ලත් සෑහෙන කාලයක් නේද? අනුන්ගේ වැරදි කියව ඉන්නෙ නැතුව වැඩක් කරොත් නරකද?
ඔයත් ඇතුලේ ඉන්න ඕනෙ කෙනෙක් තමයි.
ඒ කාලේ මැදමුලන නඩුවලින් මදි නොකියන්න හම්බකරගත්තා නේද..? අපි දැක්කා දැන් වරාය නගරයේ නඩුවලටත් හොට දානවා... කෝ අර සල්ලි නැතිකාලේ හෝද හෝදා ඇඳපු ඉරි කලිසම..?