(සුජිත් හේවාජුලිගේ)
"මැණිකේ මගේ හිතේ" ගීතයෙන් ලොව පුරා ජනාදරයට පත්ව සිටින යොහානිද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට ජීවිත කාලයටම වැදගත්වන මතක හිටින ත්‍යාගයක් ලබාදීම අපේක්ෂාව බව ජාතික උරුම,ප්‍රසංග කලා හා ග්‍රාමිය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසීය.
තමා මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග සාකච්ඡා කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
සම්මානයකට එහා ගිය දෙයක් ඇයට ලබාදීමට බලාපොරොත්තු වන බව පැවසු රාජ්‍ය ඇමැතිවරයා එම තෑග්ග කුමක්දැයි ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවද පැවසුවේය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙනයමින් ඇය කළ සේවය තමා ඉහළින් අගය කරන බවද වික්‍රමනායක මහතා කීවේය.
රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා යොහානිද සිල්වා ගායන ශිල්පිනියට රාජ්‍ය සම්මානයක් ලබා දෙන බව පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තියෙන එකම බය අහවලා මෙයාට කියලා මහරජා සින්දුව නැවත කියවා ගනියිද කියලා. එහෙව් කට්ටිය...
නාඩගම් නටන්න ඉස්සෙල්ලා කොරෝනා නිසා පීඩාවට පත්වෙච්ච ජනතාව වෙනුවෙන් කෑමබීමවල මිල ටිකක් අඩුකරලා සහනයක් සලස්වන්න. ඒක ඊට වැඩිය හොඳයි නේද?
ආණ්ඩුවේ විලි වහගන්න ක්‍රම හොයනවා.
තාත්තා හමුදාවේ. පරිස්සමින්
හරියට පුද්ගලික වියදමින් දෙනවා වගේ පාරම් බාන්නේ
මේ ළමයට විශාල ආදායම් මාර්ග දැනටම ලැබිල තින්නේනේ. ඒ ගැන අපි ආඩම්බර විය යුතුයි. රජය මේ වෙලාවේ මීට වඩා වැදගත් දේවල් වලට අවධානය යොමු කල යුතු නේද?
මොනවා දෙයිද දන්නේ නැහැ.?
ඔය යමක් කමක් කරකියාගන්න පුළුවන් අය ගැන වගේම... නැති බැරි අය ගැනත් ටිකක් හිතුවොත් හොඳයි නේද.?
යොහානිට රජයෙන් මොනවද කරන්නෙ කියල පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කලේ විරුද්ධ පක්ෂ මන්ත්‍රී කෙනෙක්. දැන් මොනවා හරි කරන්න යනකොට මෙතන කවුරුවත් කල බල වෙන්න එපා.
යොහානිට යමක් දී ආණ්ඩුව මහජන මතය තමන් වෙත ඇද ගන්නයි මේ දඟලන්නේ. යොහානීට යමක් දෙනවාට අප අකමැති නැහැ. ඒත්, ඒ දේ මේ කරන්නේ ඇය ලෝකයේ ප්‍රසිද්ධ වු නිසයි. මීට කලින් රටේ මිනිසුන් ගේ වටිනාකම දැනගෙන හිටියේ නැහැ. අන්න මේ රටේ 8 වසරේ දරුවෙක් ඕ ලෙවල් ලියලා විශිෂ්ඨ ජයක් ලබා තිබෙනවා. මෙවර ඒ ලෙවල් විභාගය ලියන්න හදන්නේ. යූටියුබ් එකේ විස්තර තියෙනවා. මේ දරුවා ගෙන්වා කිසියම් ඇගයීමක් කරන්න.