
( තිළිණි ද සිල්වා )
යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම අනුගාමිකයින් පිරිසක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රථම ගායිකාව ලෙස නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා අද(16) වාර්තාවක් තැබුවාය.
ඒ අනුව යොහනි ගේ යූ ටියුබ් චැනලයේ සමස්ත අනුගාමිකයන් ( ෆෙලොවර්ස්) සංඛ්‍යාව අද (16) දිනයේ ලක්ෂ තුන සීමාව පසු කළේය.
මීට පෙර අනුගාමිකයින් වැඩිම පිරිසක් සහිත ලාංකිකයෙකු සතු යූ ටියුබ් චැනලය වූයේ ඉවුම් පිහුම් කලාව කියා දෙන "අපේ අම්මා " යූ ටියුබ් චැනලයි.
ලොව පුරා කෝටි 15.5 ක නැරඹුවාර හිමි "මැණිකේ මගේ හිතේ " ගීතය ප්‍රතිගායනා කිරීම හරහා ඉන්දියාව , නේපාලය , බංග්ලාදේශය ඇතුළු ලොව පුරා අතිශය ජනප්‍රිය වූ යොහානී ට ලැබෙන රසික ප්‍රතිචාර හේතුවෙන් ඇයගේ යූ ටියුබ් චැනලයේ අනුගාමිකයින් ලක්ෂ තුන පසු කීරීමට සමත් වී ඇත.
එම ගීතයේ ජනප්‍රියත්වය හේතුවෙන් ඇය මේවන විට ඉන්දියාවේ සංගීත ප්‍රසංග 2ක් පැවැත්වූ අතර ඉදිරියේදී ඕමානයේ සහ ඩුබායි හී නව ප්‍රසංග 2 ක් සදහා ඇයට ආරාධනා ලැබී ඇත.
ඉන්දියාවේ ලැබූ ජනප්‍රියත්වය නිසාම ඇය ලෝකයේ වැඩිම යූ ටියුබ් අනුගාමිකයන් සහිත ඉන්දියාවේ ටී සීරිස් ආයතන සමගද සංගීත කටයුතු සදහා ගිවිසුම් ගත වී ඇත.ඒ අනුව ඇය සිය පලමු බොලිවුඩ් ගීත ගායනයටද ඉකුත් 04 පිවිසියාය."ෂිද්දත්" නැමති බොලිවුඩ් චිත්‍රපටයේ පසුබිම් ගීතයේ කාන්තා අනුවාදන ගීය වූ එය ද මේ වන විට කෝටියක් නරඹා අවසානය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මාස්ටර්ලා ටික සරස්වතී ඇඳ යට හන්ගලා යොහානිගෙයි, අමිතාභච්චන්ගෙයි පින්තූර දෙකක් එතන තියලා ජයටම මැනිකේ සින්දුව සර්පිනාවත් ගගහ අදිනවලු මීටර් ගනන් ජාත්‍යන්තරේට යන්න තනුවක් සෙට්වෙනකල්.
යොහානිට හදවතින්ම සුබ පතනවා
අනුගාමිකයන් සංඛ්‍යාව ලක්ෂ 3 ක් යනුවෙන් සඳහන් වුවද එය මිලියන් 2 යි දශම 99 බවට නිවැරදි විය යුතුය. මැනිකේ මගේ ගීතයේ අනුගාමිකයන් සංඛ්‍යාව 2.99M බව අද මා Youtube නාලිකාව මගින් දුටුවෙමි.. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.
යොහානි ගැන අපි ආඩම්බර වන්නෙමු; ඇගේ ශක්තිය රටට සම්පතක්!