
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලෝකයේම කතාබහට ලක්ව ඇති "මැණිකේ මගේ හිතේ" ගීතය ගායනා කරන යොහානි ද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (5) කවියකින් සුබ පැතුම් එක් කිරීම විශේෂත්වයක් විය.
" මැණිකේ වදනින් ලොවක් කැළඹු
මිහිරි ගීයෙන් සවන් සැනසූ
සිහින කුසුමන් දෑස තැවරූ
යොහානි දුවට අපේ සුබපැතුම් "
යනුවෙන් ගුණවර්ධන මහතා එම කවි පදය එහිදී තාලයට ගායනා කළේය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන ගිය යොහානි දියණියට තමා හදවතින්ම සුබ පතන බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනත යටතේ නියෝගයක් පිළිබඳ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෝහානි දුවේ ඔයාට දැන් මුළු ලෝකෙන්ම පිළිගැනීමක් ලැබිලා තිබෙනවා. ලෝකයෙන්ම ආදරය ලැබිලා තිබෙනවා. සම්මාන, මුදල් ලැබිලා තිබෙනවා. තවත් මොනවාද? ඔයාට මේ හැමදෙයම ලැබුනේ ඔයාගේ දක්ෂකමත්, අවංක කැපකිරීමත්, නොපසුබට උත්සාහයත් ඒ සියල්ලටම වඩා ඔයාගේ වාසනාව නිසයි. ඔබ වැනි නිහතමානි, අවංක, දක්ෂයෙක්ට ශ්‍රී ලංකාවේ දේශපාලුවන් සම්මාන අවශ්‍ය නැහැ. ඒ අයගෙන් සම්මාන නොලබන තරමට ඔබව ස්ථාවර වේවි.ඔයාට බුදු සරණයි,දෙවි පිහිටයි.
කවිත් කියන්න පුළුවන්නේ
නිරුපමාගේ දස්කම් ඇමැති බන්දුල කවියට නගයි
කවි කියලා වාහන පර්මිට් ඇමතිකම් සහ වරප්‍රසාද ගන්න කැමති අය ලයික් කරන්න
දැන් හාල්, කිරි පිටි, සුදු ළූණු මතක නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ මෙයාගේ කවි අහගෙන ඉන්න...
එලිසමයත් නෑ එලිවැටත් නෑ..... එතන කවියකුත් නෑ කතාවකුත් නෑ.... මෙයාට ආර්ථික විද්‍යාවත් බෑ දේශපාලනයත් බෑ... අන්තිමේ සුදුලූනුත් නෑ හාලුත් නෑ...