( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්පූර්ණයෙන් කටයුතු කරන ලෙස යුරෝපා සංගමය ඇතුළු තවත් රටවල් කිහිපයක් මෙරට දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර ඇත.
මෙරට ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය, ප්‍රංශය, ජර්මනිය,ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව සහ බ්‍රිතාන්‍යය මහකොමසාරිස්වරුන් විසින් එම ඒකාබද්ධ නිවේදනය යොමුකර ඇත.
එම රටවල තානාපතිවරුන් නිකුත් කල එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ සියලු පාර්ශව ගැටුම් වළක්වාලමින් ආයතනික ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සහ මාධ්‍ය නිදහස තහවුරු කරමින් කටයුතු කළ යුතු බවයි.
එම රටවල් ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපතිවරු ඊයේ (27) පස්වරුවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක නිරත වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දේශපාලුවන්ගෙන් කීයෙන් කීදෙනාද ව්‍යවස්ථාව ගැන දන්නේ???උන් කරන්නේ උන්ට ඕන දේ. දැක්කනේ කලිනුත් ව්‍යවස්ථා විරෝධිව අගවිනිසුරු නිලය දරපු කෙනෙකුව නීතිවිරෝධිව ගෙදර ඇරලා වුණ වැඩේ.
මහින්ද පත් කරලා තියෙන්නේ ව්‍යවස්ථාවට අනුව තමයි...... එක වැරදී නම් යන්න උසාවි........
විදෙස් රටවලට බය නොවී වැඩ කරන්න......
දැන් යුරෝපා සංගමයේ අවවාද අනුශාසන වල හැටියටද අපි වැඩ කරන්න ඕනේ
දැක්කනේ චීනය මහින්දට සුබ පැතුවා..... මේක චීනයේ ප්ලෑන් එකක්....... මේක චීනයට යන එකනම් දැන් සක්කරයටවත් නවත්වන්න බැහැ.... මේ රට කවදාවත් ගොඩදාන්න බැහැ.... බුද්ධිමත් අය සල්ලිවලිට විකිණිලා..... කලකිරෙනවා..රටේ ආර්ථිකය ගැන මුකුත් දන්නේ නැති පිරිසක් මේ රටේ ඉන්නේ............
දැන් ඔය දගලන විදේශීය රටවල් පසුගිය යුද සමයේ හිටියේ කොහෙද තියලා මට ප්‍රශ්ණයක් ... මේ රට ඇතුලේ අභ්‍යන්තර ප්‍රශ්ණයක් එක රට ඇතුලේම විසදා ගැනිමට සියලු දෙනා ම තම මතයේ නොසිට රට ගැන සිතා කටයුතු කල යුතු යැයි මගේ මතය ...............
රටේ කිසිම කර්මාන්තයක් නොකරන, කම්මැලි චණ්ඩි මෙතන ලොකුවට කොමෙන්ට් කරනවා. ඇමරිකාවයි, යුරෝපයයි අපේ නිෂ්පාදන ගත්තේ නැත්නම් මොකද කරන්නේ.......රටේ ආර්ථිකය නංවන්න තීර්ණයක් ගන්න........
අපි දැන් ඔවුන්ගේ යටත් විජිතයන් නොවේ..............