(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බස් ගාස්තුවෙන් අඩක් වන පරිදි දුම්රිය ගාස්තු සඳහා පොදු ප්‍රතිපත්තියක් සකස් කිරීමට සාකච්ඡා කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.
එලෙස පොදු ප්‍රතිපත්තියක් හැදුවේ නැතිනම් ධාවනය කෙරෙන දුම්රිය ප්‍රමාණය වැඩි කිරීමට හැකියාවක් නැති බවද අමාත්‍යවරයා කීය.
ඩීසල් මිල අධික ලෙස ඉහළ යෑම නිසා දුම්රිය වියදම ද ඉහළ ගොස් ඇති බව කී අමාත්‍යවරයා කොළඹ සිට යාපනයට දුම්රියක් ධාවනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 13ක ඉන්ධන වැය වන අතර එම දුම්රියේ මගීන් 500ක් පමණ ගමන් කළත් ආදායම ලෙස ලැබෙන්නේ රුපියල් ලක්ෂ 10ක් පමණක් බව සඳහන් කළේය.
මේ අනුව යාපනයට යන එක දුම්රිය ගමනකින් රුපියල් ලක්ෂ තුනක පාඩුවක් විඳින්නට සිදුවන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
දුම්රිය ගාස්තු වැඩි කරනවා දැයි කොළඹ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට වඩා ලොකුම පාඩුව ඔයාලාව, ඔයාලාගේ පවුල්වල සහ ඔයාලාගේ කාර්ය මණ්ඩලය නඩත්තු කිරීමට... ඔයාලාගේ පොහොට්ටුවේ සභාපති මහින්ද රාජපක්ෂ කමන් කරන්නේ රජයේ චෝපර්වලින්. ඕවා පාඩු නැද්ද?
මේවා කොහොමද විශ්වාස කරන්නේ..? මෙතුමා ඉස්සර කිව්වෙත් අමුතුම ආකාරයේ කතා. දැන් කියලා වෙනසක් වෙලා නැහැ. කෝච්චිවලින් පාඩු වෙන්නේ කොහොමද මේ කාලේ..? කට කපලා සෙනඟ. එහෙව් එකේ මෙයා කියනවා පාඩුයි කියලා.
වසර 70ක සිට දුම්රිය ගාස්තු සඳහා පොදු ප්‍රතිපත්තියක් සකස් කිරීමට අපි සාකච්ඡා කරමින් සිටිමු...
225 ගවගාල නඩත්තු කරන එක ඊට වැඩිය පාඩුයි.
මේ පොතේ ගුරාගේ ගණන් හිලව් එයාටම හොඳයි..
2500 කින් යාපනේට ගිහින් එන්න බැරිද දන්නේ නැහැ..