(රංජන් කස්තුරි)
යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය වී. විග්නේෂ්වරන් මහතා ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් ඉවත් කරනු ලැබ තිබේ.
ඒ අනුව නැවත උපකුලපතිවරයකු පත්කරන තෙක් කටයුතු කිරීම සඳහා නිසි බලධාරියෙකු පත් කිරීමට උසස් අධ්‍යාපන, නාගරික සංවර්ධන හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පියවර ගෙන තිබේ.
යාපනය විශ්වවිද්‍යාලයේ නිසි බලධරයා ලෙස සම්මානිත මහාචාර්ය කන්දසාමී කදිර්ගාමනාදන් මහතා පත්කිරීමට නියමිතය.
යාපනය විශ්වවිද්‍යාලයේ කටයුතු ඉකුත් දිනවල අවුල් සහගත තත්තවයකට පත්ව තිබූ අතර එහි පරිපාලන ගැටළු රැසක් මතුව තිබූ බවද උසස් අධ්‍යාපන ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන මහත්තයාගේ එකම රාජකාරිය නුසුදුස්සන් පත්කිරීම සහ අනාගත් පසු අස් කිරීම
ප්රභාගේ කතාව හරියට හරි , කරන ලොකුම රාජකාරිය මෙච්චර තමයි .
ඔය දෙන්නට අමතක වුන තවත් දෙයක් තිබෙනවා මළගෙවල් , මගුල් ගෙවල් , විවෘත කිරීමේ උත්සව වලට ගිහින් කතා පැවැත්වීම.....