(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉදිරි වසර දහය සඳහා වන උපාය මාර්ගික සැලසුම සකස් කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සහ උපාය මාර්ගික සැලැස්ම මත සෞඛ්‍ය සේවාවේ අභියෝග හඳුනාගෙන සෞඛ්‍ය  සේවාව තවත් ශක්තිමත් කිරීම එහි ප්‍රධාන අරමුණ බවද අමාත්‍යවරයා කීය.

හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේ අභිනවයෙන් ස්ථාපිත සහන සත්කාර සේවා ඒකකය (Palliative Care  Service) ජනතා අයිතියට පත් කිරීමෙි

අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කටයුතු කරන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවැසීය.