
(රොමේෂ් මධුෂංඛ)
යාපනය ශික්ෂණ රෝහලේ ගොඩනැගිල්ලක සිව්වැනි මහලේ සිට බීමට වැටීමෙන් කාන්තාවක් මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.
කාන්තාව යාපනය ශික්ෂණ රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වූ සේවිකාවක් වන අතර ශික්ෂණ රෝහලේ 17 වාට්ටුවේ මිය ගිය කාන්තාව පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වී ඇත.
මිය ගිය කාන්තාව කිසිවෙකු විසින් තල්ලු කර වැටුණේ ද එසේ නැතිනම් තමන් විසින්ම පැන සියදිවි හානි කරගත්තේ ද නැතිනම් පිරිසිදු කිරීම්හි නිරතවන අවස්ථාවේදී අත්වැරදීමකින් වැටුණේ ද යන්න පිළිබඳව සෙවීමට පරික්ෂණයක් ආරම්භ කළ බව යාපනය පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ පලෙයි ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd