(ප‍්‍රදීප් කුමාර)
උතුරු පළාතට නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාව හා සුළං තත්වය හමුවේ යාපනය දිස්ති‍්‍රක්කයේ පවුල් 459 ට අයත් පුද්ගලයින් 1589 දෙනකු පීඩාවට පත්ව ඇතැයි යාපනය දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නිවාස 15 ක් මුළුමනින්ම හානියට පත්ව ඇති අතර තවත් නිවාස 141ක් පමණ අර්ධ වශයෙන් හානියට පත්ව තිබේ.
පීඩාවට පත් පිරිස රඳවා තැබීම සදහා කදවුරු 4ක් යාපනය දිස්ති‍්‍රක්කයේ ස්ථාපනය කොට තිබේ. මෙහිදී වැඩිම බලපෑම් සන්ඩිලිප්පායි චාවකච්චේරී හා පේදුරුතුඩුව යන ප‍්‍රදේශ වලට එල්ලවී පවතී.
මෙයට අමතරව මරතන්කෙර්නී ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් පවුල් 167 ට අයත් සාමාජිකයින් 523 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ නිලධාරීහු පවසති.
පේදුරුතුඩුව ප‍්‍රදේශවේ පවුල් 58 ට අයත් සාමාජිකයින් 206 ක් වේලනෙයි ප‍්‍රදේශයේ පුවල් 23 ට අයත් පුද්ලගයින් 80 ක් ආදි වශයෙන් පීඩාවට පත්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර කඩිනමින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන්න.