IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


යාපනේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට සැප ගොඩනැගිල්ලක්

(අංජුල මහික වීරරත්න)

යාපනය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය සඳහා නවීන පහසුකම් වලින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2006 වර්ෂයේදී රාජ්‍ය විශ්ව විද්‍යාල වල සම සෞඛ්‍ය විද්‍යවන් පිළිබඳ උපාධි පාඨමාලවන් හඳුන්වා දී ඇති අතර යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාව, ඖෂධ වේදය සහ භෙද යන ක්ෂේත්‍ර වල විද්‍යාවේදී (ගෞරව) පාඨමාලා තුනක් ආරම්භ කර ඇත.

මේ වන විට යාපනය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සියලුම ජනවර්ග නියෝජනය කරමින් විෂය ක්ෂේත්‍ර හතරක (වෛද්‍ය රසායනාගාර විද්‍යාව, ඖෂධ වේදය, හෙද සහ ශාරීරික අධ්‍යාපනය) සිසු සිසුවියෝ  952 ක් අධ්‍යාපන කටයුතු වල නිරතව සිටිති. 2017 වර්ෂයේදී සම සෞඛ්‍ය විද්‍යාපීඨය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති නමුත්, පැවති මූල්‍ය අර්බුදය හේතුවෙන් ඒ සඳහා අරමුදල් ලැබී නොමැත. 

එම තත්ත්වය මත, යාපනය සම සෞඛ්‍ය විද්‍යා පීඨය මේ වන විට උග්‍ර යටිතල පහසුකම් ඌනතාවකට මුහුණ දෙමින් සිටියි. එබැවින්, යාපනය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨය සඳහා දේශන ශාලා, විද්‍යාගාර, නිබන්ධන කාමර, වෙන් කළ විභාග ශාලාවක් සහ ශ්‍රවණාගාරයකින් සමන්විත නව පස් මහල් ගොඩනැගිල්ලක් රුපියල් මිලියන 2,234ක ඇස්තමේන්තු ගත පිරිවැයක් යටතේ ඉදි කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

යාපනේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට සැප ගොඩනැගිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site