(ඉන්දිකා රාමනායක)
යාපනයේ අපරාධ කල්ලියක සාමාජිකයන් සිව්දෙනකු කඩු, පොරොව හා යකඩ පොලු සමග ඉලවාලි ප්‍රදේශයේ දී අද (9) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොවුන් සතුව කඩු හතරක්, යකඩ පොලු දෙකක්, අත්පොරවක් තිබු බව පොලිසිය පවසයි.
අපරාධ වලට සම්බන්ධයෙන් සැකකරුවන් පරිසක් තියුණු ආයුධ සමග ඉලවාලි ප්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරක් මත ඉලවාලි සෙන්ජුඩි පාරේ නිවසක් පරීක්ෂා කර සැකකරුවකු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී ඉහත ආයුධ එහි තිබී සොයාගෙන ඇත.
එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ හෙළි වු තොරතුරු අනුව සෙසු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉලවාලි ප්‍රදේශයේ පදිංචි වසය අවුරුදු 20-- 25 අතර පසුවන්නන් බවද පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකරුවන් යාපනය ප්‍රදේශයේ පිරිස බියගන්වා අපරාධ ක්‍රියාතරකම්වල යෙදෙන පිරිසක් බවට පොලිසිය සැකකරයි.
මොවුන් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීම සදහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තත්ත්වය නියපොත්තෙන්ම කඩා දැමිය යුතුව ඇත.
අරූන් කියන "ආවා කල්ලි" නායකයාව මෙහෙයවන්නෙත් තක්කඩි සිංහල පාලකයින් තමයි. පුලුවන් නම්, ළමයිනේ නුඹලාට කිරිපොවා ඇතිදැඩි කරන ඒ අමනයින්වම මරා දාපල්ලා. අන්න එදාට නුඹලාට හැකිවෙයි එවුන්ට වඩා හොඳට මේ රට පාලනය කරන්න.