IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යාපන පුස්තකාල වහලයෙන් තවත් අවි ආයුධ

(සිතුම් චතුරංග)

යාපනය විශ්ව විද්‍යාලය පුස්තකාල පරිශ්‍රයේ පිළිසකර කිරීමක් අතරතුරදී එහි වහලයේ සිවිලිමක් මත තිබී ටි 56 වර්ගයේ ගිනි අවියක් , ජීව පතොරම් සහිත මැගසින් හතරක් සහ තුවාලවලට ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ තොගයක් සොයාගත් බව කෝපායි පොලිසිය කියයි.

සේවකයන් පිරිසක් පිළිසකර කිරීමක් සඳහා ඊයේ (30) පුස්තකාල  සිවිලිම ගැලවීමේදී පත්තර කැබලිවලින් ඔතන ලද පර්සලයක් හමුවී ඇති අතර ඒ පිළිබඳ යාපනය විශ්ව විද්‍යාල පරිපාලන නිලධාරීන් දැණුවත් කිරීමෙන් පසු පොලිසිය වෙත දැණුම්දීමෙන් අනතුරුව ප්‍රථමයෙන් මැගසීන දෙකක් සහ ජීව පතොරම් 50 ආසන්න ප්‍රමණයක් සොයාගත් බව පොලිසිය පැවසීය.

අනතුරුව කෝපායි පොලිසිය සහ යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද දිනයේ පුස්තකාල පරිශ්‍රයේ වහලය සහ සිවිලිම ගලවා පරීක්ෂා කිරීමේදී ටි 56 ගිනිඅවිය සහ තවත් උණ්ඩ 130 සමඟ මැගසීන දෙකක් සොයාගත් බවත් පොලිසිය සඳහන් කළේය.

 



අදහස් (0)

යාපන පුස්තකාල වහලයෙන් තවත් අවි ආයුධ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site