හිරාන් ප්‍රියංකර ජයසිංහ
යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකරමින් පුත්තලම නගරයේ පහන් දැල්වු පුද්ගලයින් දෙදෙනෙකු පුත්තලම මුලස්ථාන පොලිසිය විසින් අද ( 18 ) අත්අඩංගුවට ගෙන තිබුනී.
මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 ,35 සිමා වල පසුවු දෙදෙනෙකී.
එම දෙදෙනා පුත්තලම නගරයේ මත්ස්‍ය වෙළද පොලට ඉදිරිපිට මන්නාරම මාර්ගයේ පදික වේදිකාවේ යකඩ වැටට ආධාරකයක් යොදා ගනිමින් තැටියක් සදහා පහන් දල්වා තිබුනී.
මෙම පහන් දල්වමින් සිටි දෙදෙනා බුද්ධි අංශ තොරතුරු මත පුත්තලම මුලස්ථාන පොලිසියේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබුනී.
අත් අඩංගුවට ගත් දෙදෙනා ගෙන් කල ප්‍රශ්න කිරිම් වලදි පාපොච්චාරණය කර ඇත්තේ යුද්ධයෙන් මිය ගිය සියලුම දෙනා සිහිපත් කිරිමේ අරමුණින් මෙම පහන් දැල්වු බවත් කිසිම ලෙසකින් වෙනත් අරමුණක් නොමැති බවත් මෙම දෙදෙනා ප්‍රකාශ ලබා දි තිබේ .
අදාල දෙදෙනාගේ ප්‍රකාශ සටහන් කර ගැනිමේන් පසුව මුදා හැරි බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩක්නේ. එතකොට ලංකාවේ හැමතැනම ජාතික කොඩි ඔසවන්නේ.... ඒ අයවත් අත්අඩංගුවට ගන්නවාද...?
ඔවුන් කරලා තියෙන්නේ හොඳ වැඩක්....!!! සිංහලයින්ට විතරක් පහන් පත්තුකලානම් කිසිප්‍රශ්නයක් නැහැ. දෙමල අයට පහන් පත්තු කලොත් කුඩුවේ.
රටක එක නීතියක් තිබිය යුතුයි. හැමෝටම ඕන ඕන විධිහට වැඩ කරනවා නම් රටක් නීතියක් කුමටද ?
මොකද ඔපමණ රුදාව?
යුද්දයෙන් මිය ගිය තම නෑදෑ හිතමිතුරන් සිහිකර පහන් දැල්වීමට ලංකාවේ ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත . ඔවුන් අඩංගුවට ගැනීමේ බලය ඇත්තේ කුමන කැලේ නිතිය යටතේද ?
කරූ, දැන් ඉන්නේ මජර පාලකයෙක් නෙවෙයි.
අපි ඕවට අහුවුනා කාලේ ඉවරයි. අපිට කොඩි උස්සන්න පුලුවන්නම්, ඒ මිනිස්සුන්ට පහන් පත්තු කරන්න බැරි ඇයි...? බැරිනම් කාටත් බැහැ...!!! මේක ප්රජාතන්ත්රවාදී රටක් කියලා කියනවානේද...?
මා නම් කියන්නේ උතුරු නැගෙනහිර මියගිය අයත් කොටි ලාංචන ,කොඩි හෝ ත්රස්තවාදයට සම්බන්ද සිහිවටන නොමැතිව සමරන්න ඉඩ දිය යුතුයි. බෞද්ධයන් හැටියට නොමග ගිය ඔවුන්ට සමාවදී මව් බිමේ මිනිසුන් ලෙස මියගිය නෑදෑයින් සමරන්නට උතුරු නැගෙනහිර පමනක් නොව රට පුරාම ඉඩදීම කිසිම වරදක් නොදකිමි. ඇත්තටම කල යුතුව ඇත්තේ යුද්දයේදී මියගිය අයගේ සිංහල සහ දෙමල මව්වරු සියල්ල එකට එක්වී තම දරුවන් සමරා ආගමික වතාවත් කිරීමයි.එක් අවුරුද්දක් උතුරේදීත්, අනික් අවුරුද්ද දකුනේදීත් සියලු ජාතීන් එකට එක්ව සමරන්න,පුලුවන්. පලමු සැමරුම අනුරාධපුරේදී කල හැකියි. මේ මියගිය සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් ආදී සියල්ලන්ම මව් කුසින් උපන් ලාංකීය දරුවන් නිසාවෙනි. දේශපාලුවන් පසෙකදා ජනතාව විසින්ම සහජීවනය පටන් ගනීවි. සිදුවිය යුත්තේද එය නොවෙයිද?
මේවා දෑන්ම නවත්තන්න ඔනේ...
ලංකාවේ යුද්ධය නිසා දෙමල විතරක් නොවෙයි අහිංසක සිංහල , මුස්ලිම් වැසියන් දහස් ගණනක් මියගියා. හරිනම් ඒ අය සිහි කරන්න හොඳම දවස තමයි මැයි 18 . රජයෙන්ම ඒ දවස යුද්ධයෙන් මියගිය අහිංසක සිවිල් සිහිකිරීමේ දිනය කියල ඒ දවස වෙන් කෙරුවානම් කාටවත් පහන් පත්තු කරලා මිනිස්සු රවටලා ඡන්දෙ ගන්න වත් රටේ බොරු කලබල ඇති කරන්නවත් , බැරිව යනවා.
මියගිය කෙනෙක් වෙනුවන් පහනක් දැල්වීම අත් අඩංගුවට ගන්න තරම් අපාධයක්ද.? මේක මොන රටේ නීතිය අනුවද?
මෙතනට ජාතික කොඩිය අදාල නැහැ... පහන තුලින් ඉස්මතුවන බෙදුම්වාදය ගැන විමසිලිමත් වීම වැදගත් සහ ආරක්ෂාව
මේක නම් යකාගේ වැඩක්මි තමයි! මිය ගිය මිනිසුන් වෙනුවෙන් මොකද පහන් දල්වන්න බැරි? මැරිච්ච මිනිස්සු ආපහු නැගිටලා එන්නේ නැහැනේ ..
පහන් දල්වන්න ඕන නම් දල්වන්න ඕන ගෙවල් වල මිසක් පාරවල් වැනි ස්ථාන වල නොවේ.
පන්සල් යන අය පරිස්සමින්, ඔබ රජයට අවශය දේ නොසිතා පහන දැල්වුවොත් 4 වැනි තට්ටුවට ගෙනයන්න පුළුවනි. හොඳම දේ තමයි හිතිය යුතුදේ ආණ්ඩුවෙන් අහලා දැනගෙන අවසර අරගෙන හිතීම....
රටේ ආරක්ෂාව පිණිස රටින් පන්නා දැමිය යුතුව ඇත.
ප්රශ්නය ඒක නෙමෙයි. කොටි සංවිධානය යුදමය වශයෙන් සම්පූර්ණයෙන්ම පරාජය කළ දිනයම ඕකට යොදාගන්න එකයි.
පව් අහිංසකයෝ දෙන්නා...
පහන් පත්තු කෙරුවත් පොලීසි ගෙනියනවද? ලංකාවට ගිය කලක්...
පොලිසියේ මේ වගෙ වැඩ වලට තමයි කියන්නේ ත්රස්තවාදීන් බිහි කිරීම කියල... තමන්ගේ මිතුරන්, නෑයන් සිහි කරලා පහනක් දල්වන එක රාජ්‍ය විරෝදී වෙන්නේ කොහොමද..? ජාතිවාදීන්ට ඕක තේරෙන්නේ නැහැ...
දඩ කොළ දෙන්න බැරි නිසා නිදහස් කරන්න ඇති.
ගෝත්රිකයින්ගේ පැරණි නීතියක්...!!!
අදහස් දැක්වීම් අනුව 30 වසරක කුරිරු ත්රස්තවාදයක් තිබුනු රටක ත්‍රස්තවාදය යනු කුමක්දැයි නොදන්නවුන් ද ජීවත්ව සිටී. ඔවුන් ත්‍රස්තවාදය යනු කුමක්දැයි නොදන්නා බැවින් ත්රස්තවාදයේ ප්‍රතිඵල විඳීමට සැඟවුනු ආශාවන් ඇති අය වේ. පහන් පත්තු කළ අය අතර සේම එය සාධාරනීකරණය කරන්නන් අතරද අනාගත ප්‍රභාකරන්ලා හෝ සහරාන්ලා සිටිය හැකිය. රණවිරු ගායන් ගැන කතා කරන්නේ මෙම පරම්පරාව වන බව අමතක නොකළ යුතුය. එවැන්නන් සාමකාමී රටකට පිළිලයන් බව සාමකාමී බහුතර ජනතාව වටහාගෙන කටයුතු කිරීම ඥානාන්විත වේ.