(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය  ඉරානයට එල්ල කළ ප්‍රහාරයන් ආරම්භ වූ මැද පෙරදිගට පහරදීම ආරම්භ වූ දා සිට  මේ වනවිට ළමයි 200 ක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ප්‍රකාශ කළේය.

එල්ල වූ ප්‍රහාරයන්ගෙන් ඉරානයේ ළමයින් 181ක් මියගොස් ඇති බවත්, ලෙබනනයේ ළමයින් හත් දෙනකු මියගොස් ඇති බවත් එම අරමුදල පැවැසුවේය.

එසේම ඊශ්‍රායලයේ ළමයින් තිදෙනකු සහ කුවේටයේ ළමයෙකු  මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කළේය.

ළමයින් යුද්ධ ආරම්භ නොකරන නමුත් ළමයින් යුද්ධවලදී ඉහළ මිලක් ගෙවන බවද එම අරමුදල පැවැසුවේය. මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුදමය තත්වය ළමයින්ට විශාල බලපෑමක් එල්ල කර ඇතැයිද එම අරමුදල කීය.