
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මියගොස් හෝ තුවාල ලබා ඇති බවට පැතිර ගිය ප්‍රචාරයන් අසත්‍ය බව තහවුරු කරමින් ඊයේ (15) ඊශ්‍රායල අගමැතිවරයා අන්තර්ජාලයට වීඩියෝවක් උඩුගත කර තිබිණි.
නෙදන්යාහු, අවන්හලක කෝපි කෝප්පයක් මිලදී ගන්නා අයුරු සහ එම කෝපි කෝප්පය පානය කරමින් ඔහු සහායකයා සමග කතා කරන අයුරු එම වීඩියෝවේ දැක්විණි. වීඩියෝව කෘතීම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වුණු වීඩියෝවක් නොවන බවට තහවුරු කිරීම සඳහා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඔහු අත්ල කැමරාවට පෙන්නන අතර එහිදී තමන්ට තිබෙන්නේ ඇඟිලි 5ක් යැයි පවසයි.
එහිදී ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ උපදෙස්වලට සවන් දෙමින් සාමාන්‍ය ජිවිතයක් ගතකරන ආකාරයද නෙදන්යාහු ඊශ්‍රායල වැසියන්ට කියා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd