(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රෑන්ඩ්පාස් බේස්ලයින් පාරේදී අද පෙරවරුවේ යතුරුපැදියක ගැටීමෙන් කාන්තාවක් මිය ගිය බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු පනස් දෙකක් වූ වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි
බේස්ලයින් මාර්ගය මාර්ගයේ සිට නව කැළණි පාලම ප්‍රදේශයේ හරහා පෑලියගොඩ දෙසට යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී මාර්ගය හරහා ගමන් ගත් මෙම කාන්තාවගේ ඇඟේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd