
(චමිලා අල්විස්)
නත්තල්දා මාවක්ඔය ප්‍රදේශයේ දියනෑමට යහළුවන් පිරිසක් සමග හොරණ මිවන පලාන ප්‍රදේශයේ යහළු නිවසකට ගිය විසිදෙහැවිරිදි තරුණකු හොරකැටිය මීවනපලාන මාර්ගයේදි යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට ඇද වැටී අසල පිහිටි ගල් කන්ඩියක වැදීමෙන් බරපතල තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව හොරණ පොලිසිය පවසයි.
මියගිය තරුණයා රයිගම ප්‍රදේශයේ සිට යහළුවන් පිරිසක් සමග මාවක්ඔයේ දිය නෑම සඳහා මීවනපලාන යහළුවකුගේ නිවසට ගොස් ඇති අතර පසුව යහළු නිවසේ සිට බුලත්විටක් ගෙන ඒමට යතුරු පැදි දෙකකින් තවත් යහළුවකු සමග තරගයට ගමන් කරමින් සිටියදී හොරකැටිය ප්‍රදේශයේදි මෙම අනතුර සිදුවී ඇත.
මියගිය තරුණයා පැලවත්ත ජනඋදාන ගම්මාන ප්‍රදේශයේ පදිංචි පසිඳු ඩිලාන් මදනායක නැමැති 22 හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ පදින්න තියෙන බයිසිකල් වලින් රේසින් යන්න එපා කවදාවත්. සාමාන්‍ය මිනිස්සු භාවිතා කරන මාර්ගයේ රේස් ගිහින් අනිත් අය අමාරුවේ දාන්නත් එපා කවදාවත්.
බුලත් විට කන එක එච්චර හොඳ නැතිලූ . කොච්චර කීවත් අහන්නේ ටික දෙනයි. ඔබට නිවන්සුව ලැබේවා...
මරණ පරීක්ෂණ වාර්තාව එනකන් ඉන්නේ. ඔබලා ඔක්කෝම ගස් යවන්න.